දේශීය පුවත්

ආයතනවල ලාභය තරකර ගැනීම වෙනුවෙන් මිනී මරන්න සූදානම් වෙන්න එපා! ඒ ලාභය වෙන්වෙන් මේ රටේ අහිංසක අම්මලාගේ දරුවන්ගේ කාන්තාවන්ගේ ජීවිත බිල්ලට ගන්න සූදානම් වෙන්න එපා යැයි ලක්මව දියණියෝ කාන්තා සංගමයේ ජාතික සංවිධායික ප්‍රියංගා කොතලාවල මහත්මිය අද මාධ්‍ය අමතමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසීය.

”මේ මොහොත කියන්නේ රටේ ජනතාව ඉතාමත් බරපතළ ආකාරයෙන් අර්ථික පීඩනයට ගොදුර වෙලා ඉන්න අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක අහම්බෙන් කතාකළ යුතු මාතෘකාවක් සමාජයේ වැඩියෙන්ම කතාවෙන මාතෘකාවක් බවට පත්කරලා තියෙනවා. ඒ් හැම තැනකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම්, ගිණිගැනීම් වාර්තා වෙමින් පවතිනවා. දැන් දවසට 20,25 දක්වා වාර්තා වෙමින් පවතිනවා. ඊයේ දවසේ විතරක් මෙවැනි සිදුවීම් 46ක් වාර්තා වෙලා තියෙනවා.

මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත්වෙලා තියෙන්නේ මේ ආර්ථික පීඩනය හමුවේ මහ මෙරක් තරම් දුක් උහුලන අපේ අම්මා. තමන්ගේ අතට හමුවෙන සොච්චමින් මේ මහා ආර්ථික අමාරුකම් තියාගෙන තමන්ගේ දරුවන්ගේ කුස පුරවන අම්මා තමයි මේ ගොදුරු බවට පත්වෙලා තියෙන්නේ.

මේවට වග කියන්නේ කවුද? මේවට වග කියන කිසි කෙනෙක් නැහැ. අපි දැක්කා පසුගිය දවසක රජයේ ඇමතිවරයෙක් කියනවා ගෑස් සිලින්ඩර් එකක්වත් පිපිරිලා නතිලු. දැන් ප්‍රශ්නේ‍ ගෑස් සිලින්ඩර් පිපිරුවේ නැති එකද? දැන් කාන්තාව පුරුදු වෙලා තියෙනවා මුහුණු ආවරණ දාගෙන කෑම උයන්න. සමහර කාන්තාවෝ ගෑස් ලි් අතහැරලා වෙනත් විකල්ප වලට මාරුවෙලා තියෙනවා. ඒ වෙන මෙකුත් හින්දා නෙවෙයි මරණ බයට.

මේවට කවුද වගකියන්නේ? ප්‍රමිති ආයතනය කියනවා එයාලට අයිති සිලින්ඩර් විතරයිලු. පාරිභෝගික අධිකාරිය තව ඒකක් කියනවා. වෙළඳ කටයුතු අමාත්‍යාංශය මේවා තමන්ගේ නොවෙයි වගේ ඉන්නවා. උපදේශක කාරක සභා කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. කමිටුවල උත්තර කවදා ක්‍රියාත්මක වෙයිද දන්නේ නැහැ. අපි ආණ්ඩුවට කියනවා මේක කමිටු පත්කරලා සති ගණන් ඇදගෙනයන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක හදිසි තත්වයක් මේ හදිසි තත්වයට උත්තර සෙවිය යුතුයි, ඉතා ඉක්මනින් නිවැරදි තීන්දු ගත යුතුයි කියලා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More