ඊයේ(02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ දැනට ආණ්ඩුව නියෝජනය කරන තිහක් හතළිහක් ඉක්ම වූ පිරිසකට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පොදුජන පෙරමුණේ පසුපෙල පිරිස් විසින් පවසා ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “පක්ෂය තීරණය කරන ඕනෑම අවස්ථාවක ඇමතිධුර අත්හැරීමට සූදානම්. ආණ්ඩුවෙන් ඉවත් වීමට පක්ෂය තීරණය කරන්නේ නම් එසේ කිරීමටත් සූදානම් .එසේ ඉවත් වීමට තීරණය කළ හොත් ඉවත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොවෙයි. ඒ සමඟම පනහක් හැටක් පමණ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිතයි.එහෙම වුවහොත් ආණ්ඩුවේ තුනෙන් දෙක තියා සරල බහුතරය වත් නැති වන හැටි බලා ගන්න පුළුවන්. පවතින තත්වය ගැන ජනාධිපතිවරයා දැඩිව සැලකිලිමත් විය යුතුයි. ජනාධිපතිවරයාව දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. සරල බහුතරයත් ආණ්ඩුවට නැති කිරීමේ අවශ්‍යතාවය තිබෙන අය ආණ්ඩුවේ සිටිනවා. ඔවුන්ට වෙනත් අරමුණු තිබිය හැකියි.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...