දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අධ්‍යාපන තත්ත්වය නැංවීමට නීති විද්‍යලයට හෝ විශ්වවිද්‍යලවලට ඇතුළත්වීමට හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (1 දා) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

අධ්‍යාපන ඇමැතිවරයාගේ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් කිරිඇල්ල මහතා මෙසේද කීය.

මන්ත‍්‍රීවරුන්ගේ අධ්‍යාපනය මදි කියලා හැමදාම කතා කරනවා. අපි ඒ අයට උදව් කරමු. පාර්ලිමේන්තුවට එන්නේ මොකක් හරි දක්ෂතාවයක් තිබෙන නිසානේ. නැත්නම් කොහොමද ඡුන්දයක් දිනලා පාර්ලිමේන්තු එන්නේ? හරි අමාරු වැඩක්. ඒ නිසා නීති විද්‍යලයට හරි, විශ්වවිද්‍යලයට හරි යන්න වැඩපිළිවෙළක් හදමු. අතීතයේ මේ දේ වෙලා තිබෙනවා. එක්දහස් නවසිය හැත්තෑගණන්වලදී මේ සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකුට විභාගයක් නැතිව නීති විද්‍යලයට ඇතුළුවෙන්න ලැබුණා.

මහින්ද රාජපක්‍ෂ මහතා මේ ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රයෝජනගත් අයෙක්. ඔහුට නීති විද්‍යලයට ඇතුළුවෙන්න ලැබුණා. තරුණ මන්ත‍්‍රීවරු ඉන්නවා. ලෝකයේ සෑම විශ්වවිද්‍යලයක්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පමණක් ගන්නවා. අපි ඒ අයගේ අධ්‍යාපන මට්ටම නංවන්න කටයුතු කරමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More