දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයේ වළ දමා තිබූ බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සාහ කළ බව කියන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරියකු ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයකු හා උතුරු පළාතේ මූලස්ථාන පොලිසියක ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

එම සිද්ධියට සම්බන්ධ බව කියන නීතිය හා සාමය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරියා ඊයේ (01 දා) වැඩ තහනමට ලක් කිරීමට නියමිතව තිබූ බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පුදුකුඩුඉරුප්පු බලා පිටත්ව ගොස් තිබූ අතර එම ප‍්‍රදේශයේ පුද්ගලයන්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු ආරම්භ කර ඇත.

ඉකුත් 23 වැනිදා මෙම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා පුදුකුඩුඉරුප්පු පොලිසියට ගොස් එහි ස්ථානාධිපතිවරයා මුණගැසී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේ වළ දමා ඇති බව කියන රත්තරන් තොගයක් සහ අවි ආයුධ තොගයක් ගොඩගැනීමට සහාය වන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමට ස්ථානාධිපතිවරයා එකඟ වී නොමැති අතර ඒ පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත.

එමෙන්ම එම සිදුවීම පිළිබඳව සිය පොත්වල සටහන් තැබීමට ද මෙම පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබේ.

පුදුකුඩුඉරුප්පු පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකු එම රත්තරන් ගොඩගැනීමේ සිද්ධියට සම්බන්ධ කණ්ඩායමට එක්ව සිටින අතර එම නිලධාරියා මේ වනවිට උතුරු පළාතේ වෙනත් පොලිසියක ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසු පොලිස්පතිවරයා විසින් එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම්වරයා ඉඩම් අත්පත් කරගැනීමට තැත් කිරීමේ සිද්ධියක් ඇතුළු තවත් නීති විරෝධී කි‍්‍රයාවන් කිහිපයකට සම්බන්ධ පුද්ගලයකු බවට කරුණු අනාවරණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More