දේශීය පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අපහසුතාවකට ලක්වන්නේ නම් එහි වගකීම විෂයභාර අමාත්‍යවරයා භාරගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තිව්‍ර කරන බවය.

“මේ වෙද්දි හෙද පරිපූරක වෛද්‍ය ශ්‍රේණිවල වෘත්තිය ගැටලු සම්බන්ධව බරපතළ අර්බුදයක් නිර්මාණයවෙලා තියෙනවා. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලන්නේ මේ නිර්මාණයවෙලා තිබෙන වෘත්ති ගැටලු විසඳාගැනීම සඳහා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෘත්තිය සංගම් සමග කථිකාවතක් ආරම්භ කරන්න සාකච්ඡා කරලා, සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳාගන්න කටයුතු කරන්න. එහෙම නැති වුණොත් මේ වෘත්තීය සංගම් දැන් පාරට බැහැලා තියෙන්නේ. ඉදිරියෙදී සියලුම වෘත්ති සංගම් වෘත්තිය අරගලකරා යොමු වෙනවා. පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වෘත්තීය ගැටලුවලට ඇහුම්කන්දීලා විසඳීම් කරන්නේ නැති වුණාම දැනෙන එකම ක්‍රීයාමාර්ගය වර්ජන ක්‍රියාමර්ගයට යොමුවීම. මේ වර්ජන ක්‍රීයාමාර්ග හමුවේ තැලෙන්නේ මේ රටේ අහිංසක ජනතාව ඒ නිසා ඒක අවබෝධ කර ගතයුතුයි පාලකයෝ. වෘත්තීය ගැටලු විසඳාගැනීම සඳහා නිවැරදි සාකච්ඡා මාර්ගයක් විවෘත කර ගත යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More