ඊයේ(1) සවස 4.15න් පසු සිදුවෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා මාධ්‍යය හමුවක් කැඳවමින් පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුමාරවඩු මහතා පවසා සිටියේ, නීතිගරුක නිලධාරීන් මාරු කිරීමේ සිද්ධිවලට විරෝධය පළ කරමින් මෙම තීරණයට එළඹුනු බවයි.
“දැන් නීතිගරුක නිලධාරීන් මාරු කරන තත්ත්වයට පත්වෙලා. රටේ නීත්‍යානුකූලව ක්‍රියාකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වෙලා. අපි අද වෙනකම් හිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක. ඒත් අපි 4.15න් පස්සෙත් සාමාන්‍ය සේවයෙන් ඉවත් වුණත් විදුලි බිඳවැටුම්වලට සහභාගී වුණා. පෙරේදා බිඳවැටීමත් අපි පැය එකහමාරක් ඇතුළත යථා තත්ත්වයට පත් කළා. අදින් පස්සේ 4.15න් පස්සේ බිඳවැටීම් සඳහා අපි මැදිහත් වෙන්නෙත් නෑ. මේක රටේ අනාගතය වෙනුවෙන් ගන්න පියවරක්.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...