දේශීය පුවත්

ලෝකයම කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ගැලවී සිටීමට උපක්‍රම සොයද්දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අංශ මහජන ඒකාරාශී වීමේ සීමා තව තවත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසා සිටියා.

ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, සංචරණ සීමා ලිහිල් කළද මහජන ඒකාරාශී වීම අවම කිරීමට සෞඛ්‍යය ආරක්ෂණ නීති පනවනවා වෙනුවට මංගල උත්සව සහ වෙනත් ප්‍රියසම්භාෂණ සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට කටයුතු කරන්නේ රජය හෝටල්කරුවන්ගේ උවමනා එපාකම් තෘප්ත කිරීමටදැයි සැකයක් උපදින බවයි.

පසුගිය කාලය පුරා අපට දැවැන්ත වන්දියක් ගෙවීමට සිදු වූයේ සිංහල අවුරුද්දට නුවරඑලියේ හෝටල් කරුවන්ගේ ආදායම් ඉහළ දැමීමට සංචරණ සීමා ලිහිල් කිරීම නිසා බවද වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරනු ලැබීය.

ඒනිසාම සිංහල අවුරුදු පොකුරු හජ්ජි පොකුරු මතුවූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය. නොදන්නා වෛරසයක් සමඟ කටයුතු කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් රජය මීට වඩා සැලකිලිමත්විය යුතු බව පවසන ඒ මහතා රජය ආදර්ශමත් නොවී මහජනයා හැසිරවිය නොහැකි බවද පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More