දේශීය පුවත්

කර්මාන්ත අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමග එක්ව පිහිටුවන ලද 2021-2025 වසර 05 සදහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා වන ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ සමාරම්භක හමුව සහ කාර්මික සංවර්ධනය පිළිබද ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ එකගතාවට අත්සන් තැබීම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක හා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකාවේ නියෝජිත Dr Rene Van Berkel යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (30) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) මගින් මෙරට කර්මාන්ත සංවර්ධනය සදහා වන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සදහා ඩොලර් මිලියන 18ක් ප්‍රදානය කර ඇත.
මෙරට කෘෂි ආහාර ( Agri- Food) අංශයේ සංවර්ධනය සදහා වඩාත් හොද ක්‍රමවේදයක් අනුගත කිරීම පළමු ව්‍යාපෘතිය වන අතර වසර හතරක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 6.5ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට ඇත. මෙමගින් දේශගුණයට යෝග්‍ය, තිරසාර වෙළදපොළ ඉල්ලුමක් ඇති කෘෂි ආහාර, සංරක්ෂණය ඉලක්ක කොට ක්‍රියාත්මක කිරීම අරමුණයි. මෙය වෙළද, කෘෂිකර්ම හා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
දෙවන ව්‍යාපෘතිය මෙරට දේශගුණ විපර්යාස අවම කිරීම සදහා වන ව්‍යාපෘතියක් වන අතර වසර පහක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 7.8ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට තිබේ. දේශගුණය පිළිබද පැරිස් එකගතාව අනුව කටයුතු කිරීම මෙහි මූලික අරමුණයි. කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් පරිසර සහ බලශක්ති අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙහෙයුම් කමිටුවක් මගින් අධීක්ෂණය කෙරේ.
එකගතාව අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය ඇමතු අමාත්‍යවරයා, පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කාර්මිකකරණයේ ලකුණ හරිත ලකුණ බවට පත්කිරීම තම අරමුණ වන බවයි. ඒ වෙනුවෙන් ඉදිරි කාලය යෙදවීමට අපේක්ෂා කරන අතර සියලුදෙනා හරිත කාර්මික ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
මාධ්‍ය ඒකකය,
කර්මාන්ත අමාත්‍යාංශය,
2021.11.30

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More