විදේශ පුවත්

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයට අයත් බාබෙඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදීමට කටයුතු කළේය.

ඒ අනුව එරට ජනරජයක් බවට පත්ව තිබේ.

එරට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයෙක් ව පත්කර ගැනීමට කටයුතු යෙදිණි. ඒ අනුව එරට පළමු ජනාධිපති ලෙස සැන්ද්‍රා මේසන් ව තෝරා පත්කර ගැනුණි.

ඒ අනුව බ්‍රිතාන්‍ය රැජින තම නායිකාව ලෙස සැලකීම මෙතැන් සිට සිදුනොවේ.

බාබෙඩෝස් දූපතට පළමුවෙන් බ්‍රිතාන්‍ය වෙළෙඳ නැව් පැමිණ ඇත්තේ මීට වසර 400කට පමණ පෙරය.

මධ්‍යම රාත්‍රී 12 කණිසම එළඹීමත් සමගම එරට අගනගරය වන බ්‍රිජ්ටවුන් හි චැම්බලේන් පාලම මත සිටින දහස් ගණනක ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් නව උපත සැමරීය.

“වීරයින්ගේ චතුරශ්‍රයේදී” එරට ජාතික ගීය ගායනා කරමින් එම අභිමානවත් මොහොත සැමරීමට තවත් විශාල පිරිසක් එක්ව සිටියහ.

300,000ක පමණ ජනතාවක් වෙසෙන බාබෙඩෝස් රාජ්‍යය, එක්සත් රාජධානියෙන් 1966දී නිදහස ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More