දේශීය පුවත්

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසු කඩිනමින් ඉහළ ගිය එළවලු මිල රසායනික පොහොර යළි ආනයනයට අවසර දී දින දෙකකින් විශාල ලෙස පහළ බැසීම හරහා කාබනික වගාවට එරෙහිව පැවති කුමන්ත්‍රණය මනාව පැහැදිලි වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

“කාබනික වගාවේ ඉදිරිගමන පිළිබඳ ජාතික කතිකාව“ යන මැයෙන් ඊයේ පෙරවරුවේ කොළඹ පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම සම්මන්ත්‍රණය අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

“ජනාධිපතිතුමා මේ තීරණය ගත්තේ එක රැයකින් තනි තීරණයකට නෙමෙයි. කෘෂි විද්වතුන් ගෙන්වලා. ඒ පිරිස තමයි සෞභාග්‍යෙය් දැක්මේ මේ වගන්තිය ලියන්නේ. ඒ වගේම ඒ පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ කථිකාවක් කරලා තමයි මේ තීන්දුව ගන්නේ. හැබැයි ජනාධිපතිතුමා ගත්ත මේ තීන්දුවේ වටිනාකම මේ රටේ කිසිවෙක් අතට ගත්තේ නැහැ. ඒ තීන්දුව දේශපාලනීකරණය වුණා. අවසානයේ මේකට විරුද්ධව ගොවි ජනතාව පාරට බැහැලා මේ ගත්ත තීන්දුව නිසා ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් ලෙස අපි තීන්දු කළා රසායනික පොහොර ආනයනය තහනම ඉවත් කර ගන්න. හැබැයි අපි හැප්පුනේ සීගිරි කන්දටත් එහා ගිය රසායනික මාෆියාව එක්ක.

හැම මාධ්‍යවේදියෙක්ම ආර්ථික මධ්‍යස්ථානවලට ගියා. ඒ ගිහින් කැමරාවට පෙන්නවා. කැරට් කිලෝ 1 රු 500, ලූණු කිලෝ 1 රු.500යි. කැරට් අලය මෙච්චරයි, අල ගෙඩියක් මෙච්චරයි. රසායනික තහනම ඉවත් කරලා දවස් දෙකක් ගියාට පස්සේ රු.500 කැරට් කිලෝ එක රු.250යි. රු.500 අල කිලෝ එක රු.250යි. මෙච්චර කැරට් අල මෙච්චරයි කියලා ඒ රූපවාහිනියෙන්ම පෙන්නුවා. අපේ රටේ ඩොලර් හිඟයක් තියෙනවා කිව්වා. අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර ගේන්න පුද්ගලික බැංකු සල්ලි නැහැ කියනවා. අපි රසායනික තහනම ඉවත් කළා සතියකට කලින්. අද සියලු බැංකු නෑ කියපු ඩොලර් ටික එළියට අරගෙන රසායනික පොහොර ආනයන කරන්න LC ඇරලා. එතකොට එක දවසින් කැරට් ලොකු වෙනවානම්. එක දවසින් අල ලොකු වෙනවානම්. එක දවසින් නැති ඩොලර් ඇති වෙනවා නම්. මේ පිටිපස්සේ මොකක්ද තියෙන්නේ කියන එක අපට ඉතාම පැහැදිලි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More