පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, සදාකාලිකව ආබාධිතවූවන් හා තුවාල ලැබූවන් විසින් තමන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු 128 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති ඉල්ලීමක් පිළිබඳ අධිකරණ නියෝගය ජනවාරි මස 7 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය දන්වා සිටියාය.
අදාළ නඩුව සම්බන්ධයෙන් මෝසමක් ගොනු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පවසා සිටියේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, සදාකාලිකව ආබාධිතවූවන් හා තුවාල ලැබූවන් විසින් තමන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු 128 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කියා සිටියේ මෙම නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නොමැතිව පවරා ඇති බවයි.
එහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මෙම නඩු ගොනු කළ අවස්ථාවේදී සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු නොකළ බවත් ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිටියේය යන උපකල්පනය මත මෙම නඩු පැවරීම සිදුකර ඇති බවත් පවසා සිටියේය.
එහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මීට පෙර ද ත්‍රස්ත ප්‍රහාර රටතුළ සිදුව ඇති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් මෙරට එල්ලවී ඇති සිය ගණනක් වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිරිසේන ජනාධිපතිවරයාට පෙර බලයේ සිටි ජනපතිවරුන්ටත් නඩු පැවරිය යුතු බවත් අවධාරණය කරණු ලැබීය..
මෙහිදී පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් හිටපු ජනපතිවරයා වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි බව අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට කලින්ම තොරතුරු ලැබී තිබුණු බවට සාධාරණ හෙළිදරවුවීමක් ඇති බැවින් මෙම නඩු පැවරීම සිදු කළ බව කී ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව දෙපාර්ශවරයේ කරුණු සළකා බැලු දිසා අධිකරණය, අදාළ නඩු නිශ්ප්‍රභ කරනවාද නැද්ද යන නියෝගය ජනවාරි 07 දින ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...