දේශීය පුවත්

කොරෝනා වෛරසයේ නවතම විකෘතිය වන’ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන්, මේ මොහොතේ බියවීමට හෝ කලබලවීමට හෝ හේතුවක් නොමැති බවත්, වයිරස විකෘතිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සති දෙක තුනක් යනු ඇති බවත් එම විකෘතිය පළමුවෙන්ම හඳුනාගත් දකුණු අප්‍රිකානු වෛද්‍යවරියක වන ඇන්ජෙලික් කෝටේස් මත්මිය පවසා සිටී.

ඇය වැඩිදුරටත් අනාවරණය කරසිටින්නේ තමන් ප්‍රතිකාර ලබා දුන්, ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් කිසිවකු බරපතල ලෙස රෝගී නොවුණු බවත් මරණයට පත් නොවුණු බවත්ය. ජාත්‍යයන්තර මාධ්‍යය අමතමින් ඇය අනාවරණය කළේ සාමාන්‍යයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ට ගඳ සුවඳ නොදැනී යන නමුත් ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ට එවැන්නක් සිදු නොවන බවයි.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවට අමතරව, ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ගේ බහුල රෝග ලක්ෂණ වන්නේ දින ගණනාවක් එක දිගට පවතින සිරුරේ වේදනාව සහ තෙහෙට්ටුවය. ඊට අමතරව හෘද ස්පන්දනය අසාමාන්‍ය ලෙස වැඩි වෙයි. මුලින් හමුවුණු සියලු ‘ඔමික්‍රෝන්’ රෝගීන් සුවය ලැබූවේ වෛද්‍ය උපදෙස් මත නිවෙස්වල රැඳී සිටීම හේතුවෙන් බව වෛද්‍යවරිය අවධාරණය කළාය.

ඔමික්‍රොන් වෛරසයෙන් පොඩි දරුවන්ට හෝ තරුණ තරුණියන්ට වැඩි බලපෑමක් එල්ල නොවුණත්, වැඩිහිටියන්ට එයින් බලපෑමක් එල්ල විය හැකි බව වෛද්‍ය කෝටේස් මැතිනියගේ මතය බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන්, බියක් හෝ කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, කළ යුත්තේ විකෘතියේ ව්‍යාප්තිය අවම කර ගැනීමට නිසි පියවර ගැනීම බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත්තේ, එම විකෘතිය ‘කොවිඩ් 19’ විකෘති රැසක් මුසුවී නිර්මාණය වූවක් නිසාය. මෙතෙක් හමුවුණු ‘ඇල්ෆා’, ‘බේටා’, ‘ගැමා’, ‘ඩෙල්ටා’ ආදී සියලු වයිරසවල විකෘති සහ මෙතෙක් හඳුනා නොගත් නව විකෘති ද ‘ඔමික්‍රෝන්’ සතුව ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව ‘ඔමික්‍රෝන්’ ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවන, එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන, මෙතෙක් ලොව හමුවුණු බිහිසුණුම ‘කොවිඩ් 19’ විකෘති වයිරස ප්‍රභේදය බවයි. ලෝඉක සෞඛ්‍ය සංවිධානයේ මෙම අර්ථ දැක්වීම ‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන් ලොව පුරා බියක් නිර්මාණය වීමට හේතුවී ඇති බව පැවසේ.

‘ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් බියක් හට ගැනීමත් සමඟ රටවල් බොහොමයක්, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා ඇතුළු අප්‍රිකා මහද්වීපයට අයත් රටවල් 9 කට තහංචි පැනැවීමට කටයුතු කළේය. ඒ, එම රටවලින් පැමිණෙන විදේශිකයන් කිසිවකු බාර නොගන්නා බව පවසමිනි. ඊශ්‍රායලය දින 14 ක් සඳහා කිසිදු විදේශිකයකුට තම රටට ඇතුළු වීමට ඉඩ නොදෙන බව පවසා තිබේ. යුරෝපයට අයත් ස්විට්සර්ලන්තය ද නිවේදනය කර ඇත්තේ ස්විට්සර්ලන්ත ජාතිකයන් හැර කිසිදු විදේශිකයකුට එරටට ඇතුළු වීමට ඉඩ නොදෙන බවය.

ඊයේ (28) වනවිට ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, හංගේරියාව, චෙක් ජනරජය, හොංකොං සහ ඊශ්‍රායලය එම රටවල් වලින් වාර්තා වී තිබුණි. . මේ අතර දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය බලා පැමිණි ගුවන් මගීන් 600 දෙනකුගෙන් 60 දෙනකුට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇති බවත්, එම පිරිස අතරින් 13 දෙනකුට ආසාදනය වී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ බවත් තහවුරු විය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More