දේශීය පුවත්

ආණ්ඩුවක් පිහිටුවීමට එක්වෙන ඕනෑම පක්ෂ අතර ඉඳහිට මත ගැටුම් ඇති වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28 දා) පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව අතර ඇතිවූ විවේචනය සම්බන්ධයෙන් කළ විමසීමකදී අග‍්‍රාමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

මෙම මත ගැටුම් සමහරු නොයෙක් ඇසින් බලන බව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ සිදුවෙන කිසිවක් තමා නොදන්නා අතර තමා එම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව ද අගමැතිවරයා පැවසීය.

ආණ්ඩුව තුළ සිදුවූ මෙම මත ගැටුම දුර දිග ගෙන යන්නේ නැතිි බව ද පැවසූ අගමැතිවරයා ඇතැම් වෘත්තීය සමිති විවිධ ඉල්ලීම් කරන අතර වත්මන් ආණ්ඩුව අභියෝග රැසකට මුහුණ දෙමින් ඉදිරියට ගෙන යන බව ද සඳහන් කළේය.අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. ශ‍්‍රී ලංකාව පමණක් නොව වෙනත් රටවල් පවා කොරෝනා වසංගතයත් සමග ප‍්‍රශ්න රැසකට මුහුණ දී තිබෙනවා. රටේ ජීවන වියදම පිළිබඳව සමහරු ආණ්ඩුවට දොස් කියනවා. අපට දොස් නගන උදවිය අද ලෝකයේ තත්ත්වය අවබෝධකර ගත යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More