තිරිඟු පිටි මිල ඉහළ යෑමත් සමග ග‍්‍රෑම් 450ක් බැරැුති පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඊයේ (28 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවැසීය.
තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑමේ අසීරු තත්ත්වයක් උද්ගතවී ඇතැයි ද හෙතෙම කීය.
මෙහිදී තවදුරටත් කතා කළ ජයවර්ධන මහතා මෙසේද කීය.
තිරිඟු පිටි ගෙන්වන එක් සමාගමක් තිිරිඟු පිටි කිලෝව රුපියල් 18.50 කිනුත්, අනෙක් සමාගම රුපියල් 10කිනුත් මිල ඉහළ දමලා. අපි දන්නෙත් නැහැ. ඒ නිසා සංගමයක් විදියට අපි සාකච්ඡුා කරලා තීන්දුවක් ගත්තා පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමන්න. වෙළෙඳපොළේ දැන් පාන් ගෙඩියක් අලෙවි වෙන්නේ රුපියල් 70ට. වැඩි කිරීමත් සමඟ දැන් රුපියල් 80 යි.
ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාලිකාව සමඟ පැවැත්වූ වැඩසටහනකට එක් වෙමින් දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානී නිමලන් විශ්වනාදන් මහතා පවසා සිටියේ ශ...
මේ සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "රටේ තත්ත්වය ...
"ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; යන දැඩි ස්ථාවරයක අප සිටිනවා. ඒ නිසයි චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට...