දේශීය පුවත්

ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා පවසන්නේ සිලින්ඩරය ශක්තිමත් වුවද ගෑස් සංයුතිය වෙනස් වුවහොත් ගෑස් පිටතට පැමිණිය හැකි බවයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රොපේන් පීඩනය බ්‍යුටෙන් පීඩනය මෙන් 4 ගුණයක් බවයි.
මාධ්‍යය වෙත අදහස් දක්වමින් නිමල් ද සිල්වා මහතා පවසා සිටියේ,
“ගෑස් සිලින්ඩරයේ වෑල් එක ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රොපේන් 30යි බ්‍යුටේන් 70ට නම් ඒකට අපි ප්‍රොපේන් 30ට වැඩිය දැම්මොත් ඒ වෑල් එකට ඔරොත්තු දෙන්නේ නැතුව යන්න පුළුවන්. බ්‍යුටේන් පෙෂර් එක අඩුයි. හැබැයි ප්‍රොපේන් පෙෂර් එක ඒවාගේ 4ගුණයක්. ඊළඟට රෙගියුලේටරය.. එය ප්‍රමිතියට හදලා තියෙනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඊළඟට බලන්න ඕනේ ඇයි වෑල් එකෙන් ලීක් වෙන්නේ. පීඩනයේ තමයි මෙතන ප්‍රශ්නය. එතකොට පීඩනය ඇතිවෙන්නේ සංයුතිය වෙනස් වුණොත් විතරයි. පාරිභෝගිකයා ගෑස් සිලින්ඩරයක් ගෙනාවොත් සබන් වතුර ටිකක් දාලා බලන්න ගෑස් ලීක් වෙනවාද කියා. එහි ලීක් එකක් තිබුණොත් ගේ ඇතුළට ගන්න එපා. ආපසු ගිහින් බාරදෙන්න ගත්ත තැනට. නැත්නම් ඒ ගත්ත තැනට කෝල් කරලා කියන්න. ඊළඟට රෙගියුලේටරයත් මාරු කරන්න. හැබැයි හොඳ එකක් ගන්න. ඊට පස්සේ ගෑස් ගෙනයන බටෙත් හොඳට පරීක්ෂා කරලා බලන්න. මොකද මේක අපි ප්‍රතික්ෂේප කළොත් ජීවිත හානියක් වෙන්නත් පුළුවන්.”

මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති ගෑස් සිලින්ඩරවල පිපිරීම්වලට හේතුව සොයා මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙන බව බලධාරිහු පවසති.

කෙසේවෙතත් වායු සංයුතියේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති බව ලිට්‍රො සහ ලාෆ්ස් යන ගෑස් සමාගම් දෙකම අවධාරණය කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More