මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ ගුවන්තොටුපොළ හරහා රට තුළට කොවිඩ් වෛරසය ඇතුළුවීමේ අවදානමක් පවතින බවයි.
මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කඩිනමින් අවධානය යොමු කර නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතු බවයි.
“කොවිඩ් -19 ආසාදිතයින් දෛනිකව ලංකාවේ වැඩිවෙමින් පවතිනවා. ඒ වගේම මරණත් යම් තරමකට වැඩිවෙමින් තියෙනවා. රට තුළ අපට පෙනෙන්න තිබෙනවා සෞඛ්‍ය උපදෙස් නොතකමින් බොහෝ පිරිස් කටයුතු කරන අයුරු. ඒ අතර දකුණු අප්‍රිකාව ආශ්‍රිතවත් මේ වෙනකොට රටවල් 5කත් නව ප්‍රභේදයක් වාර්තා වෙන්නේ. මේ ප්‍රභේදය පිළිබඳ බරපතළ ගණයේ අනතුරු ඇඟවීම් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙද්දි කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ගුවන්තොටුපොළේ තත්ත්වය ඉතාමත්ම කණගාටු දායකයි. ගුවන්තොටුපොළ ඇතුළත සෞඛ්‍ය අංශ දැනට කොවිඩ් -19 අවේක්ෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා කටයුතු කළත් ඒ කටයුතු කරන්නේ නොසලකා හැරීම් මැද. මේ වෙද්දි ගුවන්තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඒවාගේම රේගු දෙපාර්තමේන්තුව මෙවැනි ආයතන රැසක් පසුකර ගෙන අවසානයේ විදේශිකයෝ සහ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ සෞඛ්‍ය අංශ වෙත පැමිණෙන්නේ. ඔවුන් භාණ්ඩ මිලදී ගෙන සියලුම ස්ථානවලට නිරාවරණය වෙලා තමයි සෞඛ්‍ය අංශවලට එන්නේ. ඒ නිසා අනෙකුත් කාර්යමණ්ඩල දැඩි අවදානමකට යොමුවෙලා තියෙනවා. ඒ වාගේම ගුවන්තොටුපොළේ පවතින ලිහිල් පද්ධතිය නිසා මගීන්ට යම් විදිහකින් සෞඛ්‍ය අංශ මඟහැර යාමේ අවදානමක්ද තිබෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...