මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ ගුවන්තොටුපොළ හරහා රට තුළට කොවිඩ් වෛරසය ඇතුළුවීමේ අවදානමක් පවතින බවයි.
මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කඩිනමින් අවධානය යොමු කර නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතු බවයි.
“කොවිඩ් -19 ආසාදිතයින් දෛනිකව ලංකාවේ වැඩිවෙමින් පවතිනවා. ඒ වගේම මරණත් යම් තරමකට වැඩිවෙමින් තියෙනවා. රට තුළ අපට පෙනෙන්න තිබෙනවා සෞඛ්‍ය උපදෙස් නොතකමින් බොහෝ පිරිස් කටයුතු කරන අයුරු. ඒ අතර දකුණු අප්‍රිකාව ආශ්‍රිතවත් මේ වෙනකොට රටවල් 5කත් නව ප්‍රභේදයක් වාර්තා වෙන්නේ. මේ ප්‍රභේදය පිළිබඳ බරපතළ ගණයේ අනතුරු ඇඟවීම් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙද්දි කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ගුවන්තොටුපොළේ තත්ත්වය ඉතාමත්ම කණගාටු දායකයි. ගුවන්තොටුපොළ ඇතුළත සෞඛ්‍ය අංශ දැනට කොවිඩ් -19 අවේක්ෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා කටයුතු කළත් ඒ කටයුතු කරන්නේ නොසලකා හැරීම් මැද. මේ වෙද්දි ගුවන්තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඒවාගේම රේගු දෙපාර්තමේන්තුව මෙවැනි ආයතන රැසක් පසුකර ගෙන අවසානයේ විදේශිකයෝ සහ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ සෞඛ්‍ය අංශ වෙත පැමිණෙන්නේ. ඔවුන් භාණ්ඩ මිලදී ගෙන සියලුම ස්ථානවලට නිරාවරණය වෙලා තමයි සෞඛ්‍ය අංශවලට එන්නේ. ඒ නිසා අනෙකුත් කාර්යමණ්ඩල දැඩි අවදානමකට යොමුවෙලා තියෙනවා. ඒ වාගේම ගුවන්තොටුපොළේ පවතින ලිහිල් පද්ධතිය නිසා මගීන්ට යම් විදිහකින් සෞඛ්‍ය අංශ මඟහැර යාමේ අවදානමක්ද තිබෙනවා.”
මේ සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "රටේ තත්ත්වය ...
"ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; යන දැඩි ස්ථාවරයක අප සිටිනවා. ඒ නිසයි චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට...
ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වූ 360 දෙශපාලන වැඩසටහනට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් එය මෙහෙයවූ මාධ්‍යවේදිය...