දේශීය පුවත්

තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සදහන් කරයි.

කොළඹ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍ර භේදය වෛරස හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසටෝ සහ ස්වාසිලන්තයේ ගත වු දින 14 තුළ සංචාරය කළ මගීන්ට මෙරටට පැමිණීම අද (28) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව අදාළ ගුවන් සමාගම වෙත දැනුම් දි තිබේ.

සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි. අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බව අවධාරණය කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වීසා ලබාදීමේ දී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරික්ෂා කෙරෙන බව ද කීවේය.

ඉදිරියේ දි මෙරට පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග ඇතුළු ජාත්‍යන්තර තරග ක්‍රීඩා වලට සහභාගී වන සහ එම තරග නැරඹිමට එන අය සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේදැයි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සදහන් කළේ පූර්ණ එන්නත්කරණයට ලක් වු අයට එම තරග නැරඹීම සදහා මෙරටට පැමිණීමට හැකිබවයි. ඒ සම්බන්ධයෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ ද සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ නිර්දේශ මත බව ද ඔහු කීවේය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් තත්ත්වය යටතේ වුවද ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්, සම්මන්ත්‍රණ හා සමුළු සංවිධානය කරමින් සිටිති. මේ වන විට මෙරට ජනගහණයෙන් 90%කට ආසන්න පිරිසක් එන්නත්කර තිබේ. එහෙත් කොවිඩ් වලින් පරිස්සම් වීම සියලු දෙනාගේ වගකීමකි. එබැවින් සෞඛ්‍ය නිර්දේශ අනුව නව සාමාන්‍යකරණ වැඩපිළිවෙල යටතේ ජනතාව ආරක්ෂා කර ගනිමින් රට පවත්වාගෙන යාම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද ඇමතිවරයා කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More