දේශීය පුවත්

පසුගිය සතියේ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ප්‍රධාන පෙළේ ජර්මානු සන්නාම ශ්‍රි ලංකාවට ගෙන්වීම පිළිබඳව පැවති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී නොසිතන අයුරින් දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වනවිටත් ඩොලර් අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් ඉතාම නරක අඩියකට වැටී ඇති බවත්ය.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය ධාවනය කරවන ක්‍රියාකාරකම් කිහිපයක් දැනටමත් බිඳවැටී ඇති පසුබිමක ශ්‍රි ලංකාවට නරක කලදසවක් උදා වී ඇති බව පවසා ඇති ජනාධිපති ලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ තම ජීවිත කාලය තුළ මෙවැනි අසීරු ආර්ථිකමය අවදියකට මුහුණ දී නොමැති බවයි.

ශ්‍රී ලංකාවට අතීතයේ සිය වගකීම් ඉටුකිරීමේ දුෂ්කරතා නොතිබූ බවද පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා 2020 දී ක්‍රියාත්මක කළ වෙළෙඳ සීමා හේතුවෙන් බොහෝ දෙනෙකුට අපහසුතා ඇතිවු බවද අවධාරණය කර ඇත.

“රටේ වෙළඳ ශේෂය මීට පෙර වඩා හොඳ මට්ටමක පැවතුණා. සීමා පැනවීමට පෙර රට අපනයනය කළාට වඩා දෙගුණයක් ආනයනය කරමින් සිටියා. ලෝකයේ නැව් සහ භාණ්ඩ මිල දැන් ඉහළ ගිහින්. සංචාරක හා විදේශ ප්‍රේෂණ එන විට වෙළෙඳ හිඟය මසකට ඩොලර් බිලියන 10ක් වෙලා. අද වන විට රට ඩොලර් බිලියන 4ක ණය බරකට කොටුවී සිටිනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More