දේශීය පුවත්

විදුලි බල මණ්ඩලය කොටස් 8කට කඩා එම ව්‍යාපාරික ඒකක වානිජ ඒකක ලෙස කළමණාකරණය කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් අධ්‍යයක්ෂක මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

මීට පෙර යළි පුබුදමු ශ්‍රී ලංකා යටතේ 2003දී එම ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට එරෙහිව ජේෂ්ඨ නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ විනිසුරු සරත් එන් ද සිල්වා මහතා විසින් එම පනත ව්‍යවස්ථා විරෝධි බවට තීන්දු කිරීම නිසා එම උත්සාහය වැලකී ගිය බව ආයාතනයේ ජේෂ්ඨ කළමණාකරුවෙකු ලංකා ලීඩ් වෙත පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යළි පුබුදමු ශ්‍රී ලංකා දැන් සෞභාග්‍යයේ දැක්ම යටතේ ක්‍රියාත්මක වීම පිළිබඳව දැඩි සේවක විරෝධයක් පවතින බවය.මිල පාලනය ඉවත්කිරීම සහ රජයට අයත් කොළඹ ඉඩම් විකිණීම මෙවැනිම IMF කොන්දේසි බවද ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More