දේශීය පුවත්

ජේෂ්ඨ නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතාගේ “කළණ වත” නම්වූ ස්වයං චරිතාපදානය එළි දැක්වූ අවස්ථාවට සහභාගි වූ කීර්තිමත් පොලිස් නිලධාරියෙකු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් සිය සමාජ ජාලා ගිනුමේ තැබූ සටහනක් පාඨකයාගේ පහන් සංවේගය සඳහා මෙසේ ඉදිරිපත් කරමු. ඒ මහතා තම ජීවිතය පරදුවට තබා මත් ද්‍රව්‍යය නාශක මෙහෙයුම් වලට දායක වූ විශිෂ්ඨ නිළධාරියෙකු වුවත් ඔහුට ලැබුණේ කුඩම්මාගේ සැලකිළිය. එසේම උසස් ගණයේ නීතිඥයන් අතුරින් කළ්‍යානන්ද තිරාණගම මහතා සමාජයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වන්නේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් නිස්සරණාධ්‍යයාශයෙන් ඔහු විසින් ඉටු කරණ විසල් භූමිකාව නිසා බවද පැහැදිළිය.

——-කළ්‍යනන්ද තිරාණගම සර් ——-

අද කොළොඹ පදනම් ආයතනයේ දි තිරාණගම සර් ගේ ජිවිත චරිතප්‍රාදනය ඇතුළත් කෘතිය දොරට වඩින ලදි . මටත් ,බිරිඳට ද එතුමා ආරාධනා කළා.
මගේ ජිවිතේ මට ලැබුණු ස්වර්ණමය අවස්තාවක් ලෙස මට දැණුනා.

බොහොම උගත් ,බහුශ්‍රැතයන්, අතර මට ද අසුනක් හිමි විය.
කළ්‍යනන්ද තීරාණගම සර් ..අසාදාරණයෙන් අසරණ වු මිනිස්සු වෙනුවෙන් මානව හිමිකම් නඩු සදහා ශතයක්වත් නොගෙන පුද්ගලික මුදලින් ඒ සදහා වැය කරන ලදි.

පාතාලය වෙනුවෙන් ,මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් වෙනුවෙන් ,ස්ත්‍රී දුෂකයන් වෙනුවෙන් කිසිදා පෙනි සිට නැත .

මට මෙතුමා පිහිට වුයේ 2008 වර්ෂයේ දි ය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් වු කොටහේනේ ඇලැක්ස් සමග මම ගැටී ,දේශපාලකයන් ,පොලිස් නිලධාරීන් එක පිලක සිට මට පහර දෙද්දි මගේ සරණට ආවේ කළ්‍යනන්ද තීරාණගම සර් ය.
…මම එතුමා සොයා ගෙන ගියේ නැත ..එතුමා මා සොයා පැමිණ මට උදව් කළේය .
මුලික අයිති වාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන්න සාමාන්‍යයෙන් ලක්ෂ 10 සිට ලක්ෂ 40,50 දක්වා නිතිවෙදීයාට ගෙවිය යුතුය .
මා ඒ ලොකු මුදල දන්නවා බැවින් ලොකු පීඩනයකින් එතුමා හමුවීමට ගියේය ..දැන් පේපර් වැඩ කටයුතු අවසන් ය. ඊලගට ..ගෙවිය යුතු මුදල් ගැන

..සර් ..කීයක් විතර යනවා ද ?මේ නඩුව දාන්න … සර් ..කල්පනා කරලා .. හ්ම්..හ්ම්
ආ..ආ.ඔකට රුපියල් 250ක දෙන්න ..ඔය ෆයිල් පහ රේජිස්ටර් කරන්න …එච්චරයි ..
මට හිතාගන්න බැරි වුණා .
මේ මගේ ඉස්සරහ ඉන්නේ මනුස්සයෙක් ද..දෙවියෙක් යන්නය.

පළමු නඩු වාරයෙන්ම මාව නැවත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංසයට මාරු කිරිමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය .

ඒ 2008 සිට මේ දක්වා මගෙන් මේ රටට යම් සේවාවක් වුවා නම් එය කළේ කළ්‍යනන්ද තීරාණගම සර් එදා මාව ආරක්ෂා කළ නිසා ය.
ජිවිත ගමනේ අසු විය පසු කළ ඔබ තුමාට නීරෝගි බාවය පතමි…

..නාකොටික් රංගජිව ..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More