දේශීය පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් නම් කොවිඩ් වෛරසයේ නවතම ප්‍රභේදයේ “S” ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බව අනාවරණය කළේය.

ඒ නිසාම පොදු ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් අවධානයෙන් කටයුතු කළයුතු බවත් ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කළේය.

ඒ අනුව බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව පවසන වෛද්‍යය ජීවන්දර මහතා දැනට රජය මගින් සිදුකරගෙන යන කටයුතු සාර්ථක බවත් විදේශිකයින් මෙරටට පැමිණීමේදී දැනට පනවා ඇති නීතිරීති ප්‍රමාණවත් බවත් පවසා සිටියේය.

“ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් මේ ඔමික්‍රෝන් ප්‍රභේදයට හැකියි කියලා අනුමාන කරනවා. ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ සූදානමක ඉන්නවා. මේකට බිය වෙන්න අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ ඔමික්‍රෝන් රට තුළට එන එක හැකිතාක් ප්‍රමාද කරන්න. ඕනම ප්‍රභේදයක් ලංකාවට එන එක සදහටම නවත්වන්න බෑ. බූස්ටර් එන්නතෙන් අපේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. ඒ තුළින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආවත් බයක් වෙන්න අවශ්‍ය නැතිවෙයි. නමුත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන දරුණු තත්ත්වයන් ගැන තාම ලෝකයේ කවුරුත් දන්නේ නෑ. ලංකාවේ වැඩිපුර දුන්නේ සයිනොෆාම් එන්නත. අපි දැක්කා පර්යේෂණ මගින් ප්‍රතිදේහ මාස 3 යනකොට අඩුවෙනවා. එවැනි අවස්ථාවක බූස්ටර් එන්නත ඉතා වැදගත්. ආරක්ෂාව තියෙන්නේ එතන. විශේෂයෙන් වැඩිහිටියන් බූස්ටර් එන්නත ලබා නොගෙන සිටීම හොඳ කාරණයක් නෙමෙයි.ලංකාවේ තාම පැතිරෙන එකම ප්‍රභේදය ඩෙල්ටා විතරයි. ඒකෙ අනු ප්‍රභේද 2ක් අපි දැක්කා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 30න් 10ක්ම පැතිරීම ට බලපාන විකෘතිතා. මේක සැලකියයුතු තත්ත්වයක්. එන්නත්වල ප්‍රතිශක්තිය මහහැරයෑමේ හැකියාවක් මේකට තිබෙනවා කියලා අනුමාන කරනවා. ඩෙල්ටා හැදුණු රෝගීන්ට පවා මේ ඔමික්‍රෝන් වැලඳිලා තියෙනවා. මේකෙ හැසිරීම ඉදිරියේදී හරියටම දැනගන්න ලැබෙයි. ඵ්Cර්‍ එකකින් පවා මේක හඳුනා ගැනීමේ සහ සැක කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක හොඳ දෙයක්.”

මේ අතර අවසන් දින 14 ක කාලය තුළ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසොතෝ හා එස්වාටිනි යන රටවල සංචාරය කළ පුද්ගලයින්ට ඊයේද (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇතැයි පවසන සිවිල් ගුවන් බවද පවසා සිටියි. එලෙසම දැනටමත් ආසන්න දින කිහිපය තුළ එම රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් සිටී නම් කොවිඩ් පරීක්ෂණයට ලක්ව දින 14ක අනිවාර්ය නිරෝධායනයට යොමුවිය යුතු බව ද සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශවල සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More