දේශීය පුවත්

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යෑමට ඉදිරියේදීද ජනප‍්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප‍්‍රතිලාභ රටටත් ජනතාවටත් හිමිවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙටිකාලීනව අභියෝග ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකිවනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලූදෙනාගෙන්ම ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ 26 දා පස්වරුවේ පැවැති ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල’ අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

පසුගිය වසරේ සිට කි‍්‍රයාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප‍්‍රතිපත්තිවල මැදිහත්වීම්වල වාසිදායක ප‍්‍රතිලාභ අද රටට හිමිව තිබෙනවා. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර තිබෙනවා. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහිකිරීමට කර්මාන්තකරුවන් ක‍්‍රියා කළ යුතුයි. ඒ සඳහා ශ‍්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතිනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More