ව්‍යාපාරික පුවත්

අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සහ Reliance Industries හි සභාපති මුකේෂ් අම්බානි අතර මේ වන විට කරට කර සටනක් ඇති වී තිබේ.

ඒ ආසියාවේ ධනවත්ම පුද්ගලයා වීමේ සටනයි.

ඊයේ (26) දිනයේ දී Bloomberg Billionaires Index ට අනුව ඩොලර් බිලියන 89.7ක වත්කමකට හිමිකම් කියනු ලබන මුකේෂ් අම්බානි මෙම ලැයිස්තුවේ 12 වැනි තැනටත් ඩොලර් බිලියන 89.1ක ධනයකට හිමිකම් කියන ගෞතම් අදානි 13 වැනි තැනටත් පත් ව සිටී.

කෙසේවෙතත් (25) දිනයේ දී ව්‍යාපාරික පුවත් නාලිකාවක් වන ET Now වාර්තා කර සිටියේ Reliance Industries හි සභාපති මුකේෂ් අම්බානි අභිබවා යමින් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට Adani සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව සිටි බවයි.

ඊයේ දිනයේ දී අන්තර්ජාල ප්‍රකාශනයක් වන Moneycontrol දක්වා තිබුණේ සමූහ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ පදනම අනුව Adani Enterprises විසින් Reliance Industries පසුකර යාම හේතුවෙන් මෙලෙස Adani සභාපති ගෞතම් අදානි ආසියාවේ පළමු තැනට පැමිණ ඇති බවකි.

ලොව ප්‍රකෝටිපතියන්ගේ දර්ශකය වන Bloomberg Billionaires Index ට අනුව ලොව ධනවත්ම පුද්ගලයින් 100 දෙනා අතර ඉන්දියානුවන් 5 දෙනෙකු ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. ගෞතම් අදානි හා මුකේෂ් අම්බානි හැරුණු විට Wipro සභාපති අසීම් ප්‍රේම්ජි (34 ස්ථානය), HCL නිර්මාතෘ ශිව් නාඩර් (54 වැනි ස්ථානය) සහ D-Mart නිර්මාතෘ රාධකිෂාන් දමානි (64 වැනි ස්ථානය) ලොව ප්‍රමුඛ ධනපතියන් අතර වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More