කෘෂිකර්ම අමාත්‍යාංශය වැය ශීර්ෂය සම්බන්ධ විවාදයට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේ දුකේදිත් සැපේදිත් ශ්‍රී ලංකාව සමග සිටි මිත්‍රයා වන චීන රාජ්‍ය අද වන විට ශ්‍රී ලංකාව සමග අමනාප වී සිටින බවයි.
චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර තොගය රට ඇතුළුට ගැනීමට සුදුසු බවත් අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් නැති බවටත් ප්‍රමිති ආයතනය පවසද්දී ශාක නිරෝධායන සේවය එම පොහොර තොගයේ අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් ඇති බව පවසන්නේ යයි අමාත්‍යවරයා අනාවරණය කළේය.
රජයේ ආයතන දෙකක් එකිනෙකට පරස්පර පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරද්දී චීන රජය ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල ශ්‍රී ලංකාවට පළ කර ඇති බව පැවසූ අමාත්‍යයවරයා පොහොර තොගය සහිත නැව දින හැත්තෑවක් පමණ කාලයක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැවතී සිටින බවද අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...