දේශීය පුවත්

සාහිත්‍යයසූරී ගුණදාස අමරසේකර මහතා ප්‍රමුඛ ජාතික සංවිධාන හතරක් විසින් යුගදනවි බලාගාරය ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුව අද(26) දින විභාගයට ගනු ලබූ බව වාර්තාවේ.

මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශව විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්ද අද දින මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ බවද වාර්තාවේ.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම් කරුවන්ට දැනුම් දී ඇත්තේ නඩු විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් ලබන සඳුදා (29) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

කෙසේ වුවද යුගදනවි බලාගාරය නිව්ෆෝස්ට්‍රෙස් සමාගමට පැවරීමට එරෙහිව අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ඉල්ලා ඇත්තේ ජාතික සංවිධාන විසින් පමණක් බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More