දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් කිරීම සඳහා නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපති තුමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක, වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස්, ඔහුගේ වචන්යෙන්, “ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ඇස් කන් පියාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිට දේශපාලන වරදක් පැටවෙනවා.ඒ අර්ථයෙන් ගත්තහම අන්තවාදීන්ට ඇමතිකම් දීල ඔවුන්ව ඉහලට එසවීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඊට වඩා වග කියන්න ඕන.අන්තවාදීන් නිදැල්ලේ සිටියදී මද්‍රසා පාසල් සියල්ල එසේම තිබියදී මෛත්‍රීගේ ප්‍රජා අයිතිය අහෝසි කළ පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එයින් පටු දේශපාලන වුවමනාවක් පමණක් ඉටුකරගත හැකියි. පනතක් ගෙන එනවානම් ගෙන එන්න ඕන අපරාධ යුක්ති කොමිෂන් සභාව වගේ කොමිසමක් මගින් අන්තවාදය ප්‍රචලිත කරණ අයටත් දඬුවම් කිරීමටයි. බෝම්බ තියන්න උදව් කළ අයට පමණක් දඬුවම් කරල වැඩක් නැහැ. ඒක කරන්නේ නැතිව වෙන දේවල් කරල 69 ලක්ෂයේ ණය ගෙවන්න බැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More