දේශීය පුවත්

ඉඩම් හා පොලිස් බලතල සහතික කරමින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට

ආණ්ඩුවට බලපෑම් කරන ලෙස දෙමළ දේශපාලන සංවිධානයක් ජාත්‍යන්තරය හමුවේ ඉල්ලා තිබේ.

මේ බව අවධාරණය කරනා ලද්දේ කොළඹ ජර්මානු තානාපති හොල්ගර් සුපේට් සහ උප තානාපති ඕලාෆ් මල්ෂෝ දෙපල ඊයේ [24] හමුවූ තමිල් ඊළාම් විමුක්ති සංවිධානය නොහොත් ටෙලෝ හි නායකයන් විසිනි.

”දෙමළ ජනයා දැනට මුහුණ දෙමින් සිටින ආණ්ඩුව බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම හා සිංහල ජනාවාසකරණය ගැන විශේෂ අවධානයක් යොමු කළා,” යැයි සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය අමතා ටෙලෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේන් ගුරුසාමි පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ ලංකාව සම්බන්ධ යෝජනාවත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් මුළුමනින්ම ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට බලපෑම් කළ යුතුයැයි ටෙලෝ ප්‍රධානීහු කියා සිටියහ.

පැයකට වැඩි කාලයක් පැවති මෙම කතා බහේදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම සහ ජී.එස්.පී. ප්ලස් සහනය යළි සලකා බැලීම ගැන ද මෙහිදී අදහස් හුමාරු වී තිබේ.

131

මේ අතර පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් හමුවූ ටෙලෝ නායකයන් මෙම විෂය ගැනම සාකච්ඡා කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ඒමට මුලිකවූ බ්‍රිතාන්‍ය එය නිසි කාල වකවානුවට අනුව සිදුවන්නේ ද යන්න සොයා බැලිය යුතු බවට ඔව්හු විශේෂ ඉල්ලීමක් ද කළහ.

දෙමළ ජාතික සන්ධානයේ හවුල් කාර පක්‍ෂයක් වන ටෙලෝ හි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් සහ එහි මාධ්‍ය ප්‍රකාශක සුරේන් ගුරුසාමී මෙම සාකච්ජා සඳහා සහභාගී වූ බව ටෙලෝ සංවිධානය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More