දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2021 වසරේ 08 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සිදුකරමින් නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ රාජ්‍ය මුල්‍ය සහ මුදල් උත්තේජක ක්‍රියාමාර්ගවල සහායෙන් ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසරේ පළමු භාගය තුළ දී වේගයෙන් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කර ඇති බවයි.

එම නිවේදනය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ,
“කොවිඩ්-19 වසංගතය නැවත ව්‍යාප්ත වීම සහ එහි බලපෑමෙන් නිෂ්පාදන කටයුතුවලට ඇතිවූ අවහිරතා හේතුවෙන් 2021 වසරේ තුන්වන කාර්තුවේ දී දැනට පවතින ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීම සඳහා තරමක් දුරට බලපා ඇති බන පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, සාපේක්ෂව ඉක්මනින් යාවත්කාලීනවල දර්ශක මගින් පෙන්නුම් කරන පරිදි ආර්ථික ක්‍රියාකාරකම් වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. 2021 ඔක්තෝබර් මාසයේ දී කොවිඩ්-19 ආශ්‍රිත සංචරණ සීමා ඉවත් කිරීම සහ රටපුරා සාර්ථක කොවිඩ්-19 එන්නත්කරණය ක්‍රියාත්මක කිරීම ඉදිරි කාලසීමාව තුළ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපකාරී වනු ඇත. මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2021 වසර තුළ දී සියයට 5කින් පමණ වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ගෝලීය සහ දේශීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන්ගේ අඛණ්ඩ වැඩිවීම මෙම අපේක්ෂාවට යම් දුරකට බලපෑම් ඇති කරනු ඇත.“ යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More