ප‍්‍රධාන පුවත්

වර්ෂ 2020දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට ඇමෙරිකාවේ හෝ බටහිර රටවල සහාය හිමි නොවන බව ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන් අතර ඉකුත් දා පැවැති හමුවේදී තානාපතිවරයා විසින් පැවැසූ බව පළ වන වාර්තා සනාථ කිරීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් සිදුකර නැත.

යාපනයේ පළවන දමිළ පුවත්පතක් වන “කාලයික්කතීර්” විසින් මෙම පුවත පළමුව සිදුකර තිබූ අතර ජනප්‍රිය බ්ලොග් අඩවියකද එය දක්වා තිබිණි.

ඒවායෙහි දැක්වෙන ආකාරයට, නුදුරේදී සිය ධුරයෙන් සමුගෙන යෑමට නියමිතව සිටින අතුල් කේශාප් සහ හිටපු ජනාධිපතිවරයා අතර පැවැති මෙම සමුගැනීමේ හමුව අතරතුර මීළඟ ජනපති අපේක්‍ෂකයා පිළිබඳිව ගැඹුරින් සාකච්ඡා වී තිබේ. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ සඳහා තෝරාගත හොත් බටහිර රටවලින් අප්‍රසාදය පළවනු ඇතැයි තානාපතිවරයා සෘජුවම පැවැසූ බවද මෙම වාර්තාවල සඳහන් වේ.

Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More