දේශීය පුවත්

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ(25) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

එම වෘත්තීය ක්‍රියා මාර්ගයට හේතුවී ඇත්තේ කෙරවලපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම හා විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළකිරීමට බව අප වාර්තාකරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

“විදුලිබල පනත වෙනස් කරන්න හදනවා. ඒ හරහා විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩනවා. යුගදනවි බලාගාරයේ 40%ක් දෙනවා වගේ විදුලිබල මණ්ඩලයේ කොටස් විකුණන්න හදන්නේ. ඊට පස්සේ කියයි ලක්ෂපාන විකුණනවා කියලා. ඒ නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා.”

මේ අතර ජාතික දෙසැම්බර් 8 වන දින පවත්වනු ලබන ජාතික සම්පත් විකිණීමට එරෙහිව විරෝධතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක් අද විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී සිදු කෙරුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා,

“මේ වෙනකොට විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි වරායේ අක්කර 13ක ඉඩම, ඒවයේ සේවාවන්, තෙල් ඒකාධිකාරිය ඉන්දීය ආණ්ඩුවට දෙන්න තමයි යන්නේ. IOC වෙනුවට වෙනත් සමාගමක් ගේන්න හදනවා. මෙය පරාජය කළ යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More