දේශීය පුවත්

නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචිත තවමත් හමු නොවූ සාධාරණය සොයා ‘‘කලන වත’’ කෘතිය ජනගත කිරීම ඊයෙ(26) පදනම් ආයතනයේදී සිදුකෙරුණි.
එම අවස්ථාවට එක්වෙමින්, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසා සිටියේ,
කාබනික වගාව මෙරට තුළ ආරම්භ කිරීමට නොහැකි වූයේ ඒ පිළිබඳ බුද්ධිමය සංවාදයක් නොමැතිවීමෙන් බවයි.
උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින්,

“ඒ අය බලයේ ඉද්දී ඇහුවා සැපද කියලා. දැන් මේ අයගෙන් ඒ අය අහනවා සැපද කියලා. ජනතාව වෙනස් නොවී දේශපලකයින් මාරු කරලා රට හදන්න බෑ. කාබනික වගාවේ අරමුණ පාරිශුද්ධ වෙන්න පුළුවන්. ජනතාව ඒ සඳහා එකතු කරගෙන බුද්ධිමය සංවාදයක් ඇති කළේ නැත්තම් එය ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ නැහැ. ජනතාවගේ මනස හදන්නේ නැතුව කළොත් හැමදේම ගැසට් වගේ රිවස් වෙනවා. විපක්ෂය කරන්නේ සටන් පාඨ වෙනුවට අපහාස. 69 ලක්ෂයට කෝචොක් කරනවා. විපක්ෂයේ කාර්යභාරය ඒකද?”

උත්සව අවස්ථාවට සහභාගි වූ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා අදහස් දක්වමින්,

“පොහොර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණේ නෑ. නැති ප්‍රශ්නයක් අරූඪ කරගත්තා. මම දන්නේ නෑ ග්‍රීන් ඉකොනොමි මොකද්ද කියලා. මොන වියතා ඔය අදහස දුන්නාද දන්නේ නෑ. අපි ගන්න හැමදේම රසායනිකයි. දැන් නැනෝ කියලා ගේනවා. වී සම්බන්ධයෙන් තියෙන පරීක්ෂණාගාරවල බලලා මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙම පාවිච්චි කරන්න පුළුවන්නම් ගේන්න ඕනේ. මේක තමයි විධායක ජනාධිපති ක්‍රමයේ අගතිගාමී තත්ත්වය.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More