ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අය වැයට පක්ෂව ඡන්දය දීමේ වරදට අදාලව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීමට රවුෆ් හකීම් මහතා විසින් තීන්දු කිරීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින්,
“ඉස්ලාම් අන්තවාදය පෝෂණය කෙරෙන්නේ සෑම විටම ආණ්ඩු බලය තුළ නියෝජනය වෙමින්. එසේ ආණ්ඩුවක ඇමතිකම් දරණ අතර අන්තවාදී හැඩයක් පෙන්නුම් කරණ අයට සෞදි අරාබිය, කටාර් රාජ්‍යය වැනි රටවලින් මුදල් ගලා එනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව අන්තවාදය වක්‍රව සහ සෘජුව නියෝජනය කළ අයට ඇමතිකම් ගන්න බැරි වුනා. නැවත ඔවුන්ට ඇමතිකම් ලැබෙන ආණ්ඩුවක් පිහිටවීමට ගියහොත් ඒ ආණ්ඩුව පිහිටවීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අළුත් මුහුණු ඕන. දැන් හදන්නේ ඒ අළුත් මුහුණු ඇතුලට ගන්න. හකීම් කරන්නේ ඩෑෂ් පහර ගහන්න අවශ්‍යය විදියට බෝලේ උස්සලා දෙන එක. ”
මේ සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "රටේ තත්ත්වය ...
"ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; යන දැඩි ස්ථාවරයක අප සිටිනවා. ඒ නිසයි චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට...
ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වූ 360 දෙශපාලන වැඩසටහනට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් එය මෙහෙයවූ මාධ්‍යවේදිය...