දේශීය පුවත්

ප්‍රංශයේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් එංගලන්තයට ඇතුළු වීමට උත්සාහ කල සරණාගතයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ප්‍රංශය හා එංගලන්තය අතර මුහුදු සීමාවේදී හෙවත් English Channel හීදී පෙරලී යාමෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාරුවක් පෙරලී යාමෙන් දරුවන් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු මියයාමේ සිදුවීමක් වාර්තා වූ දිනට පසු දින එංගලන්තය දෙසින්ද එවැනි සිදුවීමක් වාර්තා වීම විශේෂත්වයක් වනවා.

මියගිය අය අතර කාන්තාවන් 5 දෙනෙකු සහ දරුවෙකුද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගලවා ගෙන ඇති අතර එක් පුද්ගලයෙකු අනතුරින් පසුව අතුරුදහන් වී ඇත. 2014 සිට English Channel හී සිදුවූ අනතුරු වලින් එක සිදුවීමකදී මියගිය වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව මෙය වන බවයි සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය ප්‍රකාශ කරන්නේ.

දිනපතා යුරෝපා රටවල් හරහා ප්‍රංශ වෙරළට පැමිණෙන සරණාගතයන් බෝට්ටු හරහා මුහුදු තරණය කර එංගලන්තයට ඇතුළුවීමට උත්සාහ කරනවා. මෙය සංවිධානාත්මක මිනිස් ජාවාරමක් බවයි බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කරන්නේ. අද පස්වරුවේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් සමග සාකච්ඡා කල බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශ වෙරළ හරහා සිදුවන මිනිස් ජාවාරම් නැවැත්වීමට ප්‍රංශය තවදුරටත් උත්සාහ කල යුතු බව පැවසූවා. ප්‍රංශයට ඒ සඳහා සම්පත් සපයා ගැනීමට පවුම් මිලියන 54 ප්‍රධානය කිරීමට බ්‍රිතාන්‍ය එකඟ වී තිබෙනවා.

නීති විරෝධී සංක්‍රමණිකයන් සඳහා බ්‍රිතාන්‍යය දක්වන ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් බ්‍රිතාන්‍යය සරණාගතයන් රැගන ඒම සඳහා වන ජාත්‍යන්තර මිනිස් ජාවාරම් මැඩලීමට විශාල බාධාවී තිබෙනවා. ප්‍රංශය විසින් මේ වසරේදී පමණක් මිනිස් ජාවාරම්කරුවන් 1552 ක් අත්තඩංගුවට ගෙන ඇති අතර ඒ හරහා මිනිස්‍ ජාවාරම් ජාල 44ක් විනාශ කිරීමට ඔවුන් සමත්වී තිබනවා. එහෙත් මේ වසර තුල පමණක් පුද්ගලයන් 47,000කට අධික ප්‍රමාණයක් English Channel තරණය කරමින් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා.

වඩා හොඳ ජීවිතයක් බලාපොරොත්තුවෙන් දිනපතා බෝට්ටු 25ක් පමණ නීතිවිරෝධීව බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට උත්සාහ කරන අතර ඒ හරහා පුද්ගලයන් 25,700 අධි අවධානම් මුහුදු ගමනක යෙදෙමින් බ්‍රිතාන්‍යයට ඇතුළු වී තිබෙනවා. එය 2020 වසරට වඩා තුන් ගුනයක වැඩිවීමක්. එහෙත් මෙම අවධානම් ගමන අතර තුර දිනපතා පුද්ගලයන් මිය යන අතර පසුගිය සතියට පමණක් පුද්ගලයන් 10 දෙනෙකුට වඩා මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More