විදේශ පුවත්

පවතින දරැණු ආර්ථික අර්බුදය හමුවේ ඇෆ්ගනිස්තානයේ දැරියන් ළමා මනාලියන් ලෙස විකිණීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ,වයස අවුරුදු 13 -15 තරමේ දැරියන් වැඩිහිටි පුද්ගලයන්ගේ මනාලියන් ලෙස ලබාදීම බහුලව වාර්තා වන බවයි.

ඒ වෙනුවෙන් ලබා ගන්නා මුදල් පවුලේ සෙසු සාමාජිකයන්ට අවශ්‍ය ආහාර ලබාගැනීම සඳහාත්, ණය පියවීම සදහාත් වැය කළ බව සිය දරුවන් මනාලිය ලෙස ලබාදුන් මව්පියන් පිරිසක් පවසා තිබෙනවා.

අන් කළ හැකි දෙයක් නොවූ තැන කණගාටුවෙන් වුවද එවන් තීරණ ගැනීමට සිදු වූ බවයි. ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ

මේ අතර අනාගතයේදී මනාලියන් ලෙස ලබාදෙන පොරොන්දුව මත කුඩා දැරියන් පෙන්වා ණය ලබා ගැනීම වැනි තත්වයන් ද ඇෆ්ගනිස්තානය තුළ කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්

මේ අතර ලෝක ආහාර වැඩසටහන පවසා ඇත්තේ පවතින්නා දරුණු ආර්ථික අර්බුදය එලෙසම පැවතියහොත් කෝටි හතරක් වන සමස්ත ඇෆ්ගන් කානතා ජනගහනයම අන්ත දිලින්දන්ගේ මට්ටමට ඇද වැටෙනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More