Uncategorized

ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු – නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

මෙම සංවිධානයේ නායක වීගරුද්‍රකුමාරන්ගේ සභාපතීත්වයෙන් සම්බන්ධීකරණ ක්‍රියාකාරී කමිටුවක්ද පත්කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

මේ සදහා ශ්‍රී ලංකාවේ සහ ගෝලීය දෙමළ දේශපාලන සහ සිවිල් සංවිධානවලද සහාය පතා ඇත‍.

දෙමළ ජනතාව ස්වයං අයිතිය සහිතව ජීවත් කරවීමටත් සිංහල බෞද්ධ බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමටත් මෙරට දෙමළ ජනතාව වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක ජීවත් කරවිය යුතු බවත් එය දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නැමති සංවිධානයේ දේශපාලන ස්ථාවරය බවත් එම සංවිධානය සදහන් කර සිටීයි.

මේ අනුව මෙම සංවිධානය සකස් කර තිබෙන දේශපාලන විසඳුම් මාලාව උතුරු නැගෙනහිර ජනතාව, විදේශ රටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව සහ තමිල්නාඩුවේ දේශපාලන බලවේග හරහා ඉදිරිපත් කරවීමටත් ඒ අනුව ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමටත් අරමුණ වී තිබේ.

එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් දෙමළ ඊලාම් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන වී රුද්‍රකුමාරන්ගේ (V. Rathrakumaran)නායකත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කොට ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More