උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරණ ලෙස කයිට්ස් හා ඩෙල්ෆ්ට් පොලීසී විසින් කයිට්ස් හා මල්ලාකම් අධිකරණ වලින් කළ ඉල්ලීම් දෙකක් එම අධිකරණ දෙක විසින් ප‍්‍රතික්ෂේප කොට තිබේ.
එම අධිකරණ වල මහේස්ත‍්‍රාත්වරු පොලීසියට ප‍්‍රකාශ කොට ඇත්තේ එම පළාත් වල මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමක් පිළිබදව පූර්ව වාර්තා ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.
යම් පිරිසක් මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමට උත්සහ කරන්නේ නම් පොලීසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හෝ විසුරුවා හැරීමට බලය ඇති බවද මහේස්ත‍්‍රාත්වරු ප‍්‍රකාශ කොට තිබේ.මෙම තීන්දුව ඊයේ ප‍්‍රකාශයට පත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...