දේශීය පුවත්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්චාවචනය වීම හමුවේ, තෙල් ස්ථායීකරණ අරමුදල මෙරටට සුදුසුම වන අතර එය ක‍්‍රියාත්මක නොවන්නේ නම් ඉන්ධන සඳහා වහාම මිල සූත‍්‍රයක් අවශ්‍ය බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 23 දා පැවසීය.

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්නයක අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමට අනුරූපීව ඉන්ධන මිල වැඩිකරන්නේ නෑ කියන්නේ මේ රටේ සුපිරි ධානපතියන් භාවිත කරන සුපිරි වාහනවලට යොදන ඉන්ධන සඳහාත් දුප්පත් ජනතාවත් වැට් බද්දක් ගෙවනවා කියන එකයි. මගේ ඉල්ලීම වුණේ මිල ස්ථායිතාකරණ අරමුදලක් පිහිටු වීමයි. ශ‍්‍රී ලංකාව වගේ රටකට ගැළපෙනේනේ එයයි. 2021 මාර්තු 15 දා මා ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළා. මහ බැංකුව කියන්නේ මිල සූත‍්‍රයට යා යුතුයි කියලා. මගේ අදහසක් නම් ඉන්ධන සඳහා මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීම ඉතා සුදුසු බවයි. එය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් අඩුම වශයෙන් වහාම මිල සූත‍්‍රයකට යා යුතුයි.

මෙරට ඇති තෙල් සහ ගෑස් සම්පත ගොඩගැනීමට අවශ්‍ය මූලික වෙන්දේසි කිරීම් ලබන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවද ඇමැතිවරයා පැවසීය.

ඉන්ධන භාවිතයෙන් ඉවත්වීම වත්මන් කොවිඞ් තත්ත්වය මත ආයෝජකයින් ඉදිරිපත් නොවීම ශ‍්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටීම යන කරුණු හේතුවෙන් එම වෙන්දේසි කටයුතු සිදු කිරීම අභියෝගයක් වී ඇතැයි ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More