දේශීය පුවත්

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තාවේ. රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ අද (24) පෙරවරු 07 සිට දින දෙකක් සංකේත වැඩවර්ජනයක නිරතවන බවයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ(23) පැවැති මාද්‍යය සාකච්ඡාවකදී අදහස් දක්වමින්,
“හෙට උදේ 7ට පැය 48ක එසේ නැතිනම් දින දෙකක වැඩවර්ජනයක් අරම්භ කරනවා. ඒ වැඩවර්ජනය පැය 48ක් දිවයින්පුරා තිබෙන සමස්ත රෝහල් පද්ධතියේත්, ඒ වාගේම මහජන සෞඛ්‍ය සේවාව තුළත් ක්‍රියාත්මක වන්නට නියමිතයි.”

මේ අතර අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් පරීපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ්ප මහතා පවසා සිටියේ, “මේ ඉල්ලීම් 7 සම්බන්ධයෙන් පරීපුරක වෛද්‍යසේවාත්, අතුරු වෛද්‍ය සේවවාත්, හෙද සේවාවත්, කියන වෘත්තීය වේදීන් 50,000ක් හෙට දවසේ අපි වර්ජනයට කැඳවනවා. මේ වර්ජනයේදී අපි තවදුරටත් වගකිවයුතු වෘත්තීය සමිති විදිහට ළමා රෝහල්, පිළිකා රෝහල් මාතෘ රෝහල් සහ විශේෂයෙන් කොවිඩ් සම්බන්ධ රෝහල්වල කිසිදු වර්ජන ක්‍රියාමාර්ගයක් දියත්වන්නේ නැහැ. හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් අපි පවත්වා ගන්නවා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More