දේශීය පුවත්

කුඩා ළමුන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විසිදෙනෙකු පමණ රෝහල් ගත කිරීමට සිදුවූ ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීම සම්බන්ධ සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්වීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් මහතාට එම නියෝග කර ඇති බව වාර්තා වේ.

එහිදී ආණ්ඩුකාරවරිය නියෝගකර ඇත්තේ ඉතා කඩිනමින් එම සිදුවීමට අදාළ පරීක්ෂණය පවත්වා අදාළ පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදුකළේ, කවුරුන්දැයි ඇතුළු කරුණු කාරණා ගැන වහාම තමාව දැනුවත් කරන ලෙසයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය පැවැත්වීම සඳහා දැනටමත් පළාත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව වාර්තාවේ.

කුරින්චාකේනි කලපුව හරහා පාරුවකින් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා M.A.M රියාස් නැමැති පුද්ගලයෙකුට
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාලනය යටතේ පවතින කින්නියා නගර සභාවේ සභාපති S.H.M.නලීම් මහතා විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බවද වාර්තාවේ.බලපත්‍රයේ කොන්දේසි වන්නේ ආරක්ෂිතව මගීන් ප්‍රවාහනය කිරීම, පාසල් දරුවන් නොමිලයේ ප්‍රවාහනය කිරීම සහ විටින් විට පාරුවේ තත්වය පරීක්ෂා කිරීම යන ඒවා බවද වාර්තාවේ.

මේ අතර සිද්ධිය මුල් කරගනිමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ කින්නියා ප්‍රදේශයේ පිහිටි නිවසට ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවද වාර්තා වේ.
මේ වන විට කින්නියා ප්‍රදේශයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පොලිසිය විසින් පාලනය කර ඇති බවද ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More