විදේශ පුවත්

නව කොවිඩ් පාලන සීමාවලට එරෙහිව යුරෝපය පුරා ප්‍රචණ්ඩ විරෝධතා රැල්ලක් පැතිර යාමේ අවදානමක් මතුව තිබේ.

කෙසේ වෙතත් හදිසි පියවර නොගතහොත් ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ අමතර කොවිඩ් මරණ ලක්ෂ 5ක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අඟවයි.

නැවත කොවිඩ් වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති යුරෝපයේ වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කණස්සල්ල පළකර තිබේ.

එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හාන්ස් ක්ලූජ් යළි අනතුරු අඟවන්නේ හදිසි පියවර නොගතහොත් ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ අමතර කොවිඩ් මරණ ලක්ෂ 5ක් සිදුවිය හැකි බවටය.

කඩිනමින් මුඛ ආවරණ භාවිතය ඉහළ නැංවීම කඩිනම් විසඳුමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් පාලන සීමාවලට එරෙහිව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකය.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කළ වෙඩි තැබීමේදී පොලිසිය ජීව උණ්ඩ භාවිතා කර ඇති අතර එහිදී හත් දෙනෙකු තුවාල ලැබීය.

කොවිඩ් වසංගතය උත්සන්න වෙමින් පවතින නෙදර්ලන්තයේ දෛනික ආසාදිතයන් 20,000කට ආසන්නය.

වෛරස ව්‍යාප්තිය පාලනයට බලධාරීන් පියවර ගෙන ඇත්තේ එන්නත් ලබා නොගත් ජනතාවට සීමා පනවමිනි.

කෙසේ වෙතත් මේ ක්‍රියාමාර්ගවලින් ජනතාව කුපිත වී ඇති අතර කොවිඩ් අවදානම ද නොතකා ඔවුන් විරෝධතාවල නිරත වේ.

බොහෝ විරෝධතාකරුවන් ප්‍රකෝපකාරී ලෙස හැසිරී නිලධාරීන්ට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස කටයුතු කර ඇත.

බලධාරීන් පවසන්නේ ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන්ට තමන්ගේ ආරක්ෂාව සළසා ගැනීමට අවි භාවිතා කිරීමට හැඟෙන සිතුවිල්ල පාලනය කළ නොහැකි මට්ටමට විරෝධතා දරුණු වී ඇති බවය.

කොවිඩ් මර්දන එන්නත ලබා තිබීම අනිවාර්යය කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේද විරෝධතා ආරම්භ වී තිබේ.

වයස අවුරුදු 16 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 85%කට ආසන්න පිරිසක් සිය කැමැත්තෙන් එන්නත්කරණයට යොමු වී තිබුණි.

කෙසේ වෙතත් ප්‍රාන්ත සහ ප්‍රදේශ රැසක ඇතැම් වෘත්තීන්ට අදාළ වන ආකාරයෙන් එන්නත්කරණය අනිවාර්ය කර තිබේ.

එන්නත් ලබා නොගත් අයට එළිමහනේ ආහාර ගැනීම, ප්‍රසංග වැනි ක්‍රියාකාරකම් ද තහනම් කර ඇත.

ඊට විරෝධය පළකරමින් සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවති විරෝධතාවලට දහස් ගණනක් එක්ව සිටියේය.

ඔස්ට්‍රේලියාවේ එන්නත්වලට එරෙහි විරෝධතා සති ගණනක් තිස්සේ පැවැත්වේ.

කෙසේ වෙතත් ඊට විරුද්ධ සීමිත පිරිසක් බව සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More