දේශීය පුවත්

නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒමේදී කෝටි ගණනක් අති විශාල වංචාවක් සිදුව ඇති බවට විපක්ෂය විසින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම

විමර්ශනයක් සිදුකර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා පෞද්ගලිකව ම නියෝගකර ඇත.

ඒ අනුව අදාල විමර්ශන මේවනවිට ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අවස්ථා කිහිපයකදීම ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වන තට්ටුවට එන ලෙස දැනුම් දී ඇතත් ඔහු කට්ටි පනිමින් සිටින බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඉහලින්ම ආ බලපෑම් මත පසුගියදා රාත්‍රී කාලයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇතත් කට උත්තරයක් ලබාදීමට පසුදා එනබව දැනුම් දී පිටව ගොස් ඇත්තේ තමා බලවත් ආතතියකින් පසුවන බව පවසමිනි.

කෙසේවුවද හෙට (22) දිනයේ අමාත්‍යංශ ලේකම්වරයා 4 වෙනි තට්ටුවට නොපැමිණියහොත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමේ තාක්ෂණ නිලධාරීන් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එහි සභාපති අනිල් යාදව් පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකල ප්‍රකාශ තුලින් නැනෝ පොහොර මගඩිය සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා තහවුරු විය.

ඉන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ම පැවසුයේ පොහොර ආනයන කටයුතු වලට තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි. නැනෝ දියර පොහොර ගෙන්වනු ලැබුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයෙන් බව ඔහු එහිදී කියා සිටියේය.

එසේම මෙරටට පොහොර ගෙන්වීමට සම්බන්ධ වූ සීමාසහිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සභාපති මොහාන් පෙරේරා ද හෙට (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More