විදේශ පුවත්

කොවිඩ් වසංගතයෙන් පසු රුසියානු සංචාරකයින් 237 දෙනෙකු රැගත් රුසියානු ජාතික ගුවන් සේවය වන ‘එරෝෆ්ලොට්’ සමාගමේ ප්‍රථම ගුවන් යානය නොවැම්බර් මස 21 වනදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැසීමට නියමිතය.

එරෝෆ්ලොට් ගුවන් සමාගම ඉදිරි කාලය තුළ සතියේ සිකුරාදා සහ ඉරිදා යන දින දෙක තුළ ගුවන් වාර 2ක් මොස්කව් සහ කොළඹ අතර පවත්වා ගෙන යනු ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා පනවා ඇති ඇතැම් සීමාවන් ලිහිල් කිරීම සහ ගුවන් යානයේ ගමන් කරන මගීන්ගේ වර්ධනය මත පැමිණෙන ගුවන් ගමන් වාර ගණන වැඩි කරනු ඇති බව එරෝෆ්‍රොට් ගුවන් සමාගමේ නියෝජිතයකු මෙම ගුවන් යානා සමාගමට ශ්‍රී ලංකා භූමියේ පහසුකම් සපයන ‘මාලදිවියානු ඒවියේශන්’ සමාගමට පැවසීය.

එරෝෆ්ලොට් ගුවන් යානය ස්ථිරවම ශ්‍රී ලංකාවට පැමිණීම ලංකාවට ඉතා අවශ්‍ය රුසියානු සංචාරකයින් මහා පරිමාණයෙන් ගෙන්වාගැනීමට පමණක් නොව දෙරට අතර සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සබඳතා ශක්තිමත් වීමට ද හේතුවක් වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More