දේශීය පුවත්

ඊයේ(20) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,

“බොහෝම පැහැදිලි සහතිකයක් අපි ලබාදීලා තියෙනවා. තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනය කරලා තියෙනවා. දැන් ලැබෙමින් පවතිනවා. ගිය වසරට සාපේක්ෂව දැනටමත් අපේ පුරෝකතනයට අනුව තේ වගාව ගිය අවුරුද්දේ මේ රටේ නිෂ්පාදනය වුණේ තේ කිලෝ මිලියන 280යි. දැනටමත් ඒ ප්‍රමාණය ඉක්මවා ගොස් තියෙන්නේ. මේ අවුරුද්දේ කිලෝ 310ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. පොහොර පිළිබඳ ගැටලුවක් නෑ. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පොල්වලින් ලැබෙන්නේ මේ අවුරුද්දේ. අපිට ඩොලර් බිලියනයක ආදායමක් ලැබෙනවා. රබර්වල ඉතිහාසයේ වැඩිම අපනයනය ආදායම ලැබෙන්නේ මේ අවුරුද්දේ. ඩොලර් බිලියනය ඉක්මවා ගිය ආදායමක්. අපනයනය කෘෂි භෝග අංශයේ වැඩිම ආදායම ඉතිහාසයේ ලැබෙන්නේ මේ අවුරුද්දේ ඩොලර් මිලියන 800ක ආදායමක් ලැබෙනවා. තේවල ආදායම වැඩිවුණේ නැති වුණාට ස්ථාවර මට්ටමක තියෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More