දේශීය පුවත්

2017, 2018 සහ 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශ නිලධාරින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටු වෙත කැඳවූ අවස්ථාවේදි, මහා භාණ්ඩාගාරය දැනුවත් නොකරමින් ව්‍යාපෘති 4 ක් සඳහා සෘජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇති බවට අනාවරණය වී තිබේ.

මෙහිදී අමෙරිකානු ඩොලර් මිලියන 9.96ක් වටිනා ව්‍යාපෘති 3 ක් සහ යූරෝ මිලියන 1.86ක් වටිනා ව්‍යාපෘතියක් මෙලෙස සෘජු විදේශ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව අනාවරණය වී ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙවැනි ආධාර ලැබීම සහ වියදම් කිරීම පිළිබඳව මහා භාණ්ඩාගාරය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව පරිසර අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More