දේශීය පුවත්

වසරකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැසුණු ඉන්දීය ගොවීන්ගේ අරගලය ජයග්‍රහණයෙන් ඊයේ(19) කෙළවර වී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටී. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මාධ්‍යය අමතමින් පවසා සිටියේ තම ආණ්ඩුව හඳුන්වා දුන් ගොවි ජනතාවට අදාළ වන පනත් තුනම ආපසු හැරවීමට කටයුතු කරන බවයි.

ඒ අනුව තමා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නැවතත් ගොවි බිම් වලට ගොස් තම ගොවි බිම් අස්වැද්දීමට කටයුතු කරණ ලෙස යනුවෙන් මාධ්‍යය අමතමින් පවසා සිටියේය.

පසුගිය වසරේ නරේන්ද්‍ර මෝඩි මහතාගේ ආණ්ඩුව ඉන්දීය ගොවි ජනයාගේ පැවැත්ම අහෝසි වන බරපතල පනත් තුනක් හඳුන්වා දුන්නේය. එමගින් ඉන්දීය ගොවියාගේ නිෂ්පාදන අලෙවියේදී රජයේ මැදිහත් වීම අහෝසි වී ගොවි නිෂ්පාදන වල මිල ස්ථාවරභාවය අහෝසි වීම සිදුවිය. එලෙසම ඉන්දීය ගොවියාගේ ඉඩම් අයිතිය අහෝසිවීමද එම පනත් හරහා සිදුවන බවද තහවුරු විය.

කෙසේ වුවද නරේන්ද්‍ර මෝඩිගේ ආණ්ඩුවට එරෙහි සමස්ත ඉන්දීයාව පුරා විරෝධතා පැන නැගුණි. එම විරෝධතා වලට කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් වන සිවිල් ක්‍රියාකරුවෙකු වූ ග්‍රේටා තුන්බර්ග් මෙන්ම ඉන්දීය ප්‍රසිද්ධ පොප් ගායකයෙකු වූ රිහානාද සහභාගි විය. ඉතාම දරදඬු නායකයෙකු ලෙස හඳුන්වන නරේන්ද්‍ර මෝඩි වැන්නෙකු ඉන්දීය ගොවි ජනයා ඉදිරියේ දණ නැමීම ඉන්දීය ගොවි ජනයාගේ ශක්තියේ තරම පෙන්වා සිටින අවස්ථාවක් බව දේශපාලන විචාරකයෝ පවසති.
වීඩියෝ දර්ශන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More