ජනාධිපති කාර්යාලයේ නිළධාරින්ගේ රථවාහන භාවිතය සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි ඊයේ (19) පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි මෙසේ සඳහන් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගත වූ දෙවර්ෂයක පාලන කාලය තුළ අභියෝග රැසක් හමුවේ අවම සම්පත් දායකත්වයකින් විශාල කාර්යභාර්යක් ඉටු කරමින් සිටි.
රට පුරා ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඇතුළුව පුළුල් කාර්යභාර්යක් සඳහා ජනාධිපති කාර්යාලය යටතේ වූ සමස්ත සේවක සහ වාහන සංඛ්‍යාව යහපාලන ආණ්ඩුව යටතේ වූ සේවක සහ වාහන සංඛ්‍යාව මෙන් තුනෙන් එකකි (1/3).
කරුණු එසේ තිබියදී නිවැරදි තොරතුරු හෝ සංඛ්‍යා ලේඛන අධ්‍යනයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සිය කතාවක් මගින් ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍ය මෙන්ම කරුණු අධ්‍යනයකින් තොරව කර ඇති බව තරයේ සඳහන් කළ යුතුව ඇත.
ජනාධිපතිවරයා අනුව යමින් ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු කිසිඳු නිලධාරියෙකු රථ පෙළපාළි භාවිත නොකරන බව වගකීමෙන් කිව යුතුය. එමෙන්ම බොහෝ නිලධාරීහු සිය නිලයට අයත් වාහනය ද නොගෙන රාජකාරීමය අවශ්‍යතාවය වෙනුවෙන් සංචිතයට අයත් වාහන අදාළ රාජකාරී කටයුත්ත සඳහා ම පමණක් යොදා ගනිති.
එම නිසා චන්දිම වීරක්කොඩි නිසි කරුණු අධ්‍යයනයකින් තොරව මෙලෙස වැරදිසහගත තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා කණගාටුදායක බව ජනාධිපති කාර්යාලය පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...