සන්ඩේ ටෛම්ස් පුවත් පත පසුගිය ඔක්තෝබර් 31 වනදා දීර්ඝ ලිපියක් මගින් අනාවරණය කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආර් පාස්කරලිංගම් මහතා හොරයිසන් කැම්පස් නම් පෞද්ගලික උපාධි පිරිනම ආයාතනය තුළ ඩොලර් මිලියන 3.5ක ආයෝජනයක් කර ඇති බවයි.
“පැන්ඩොරා පත්‍රිකා” උපුටා දක්වමින් එම ලිපිය පළ කර ඇති සන්ඩේ ටෛම්ස් පුවත් පත පවසන්නේ පාස්කරලිංගම් මහතාට අයත් “අර්ත් හෝල්ඩ්ස් ඉන්වෙස්ට්මෙන්ට් ආයාතනය” 2014 වර්ෂයේදී සිය කොටස් කරුවන්ට අන්තර්වාර ලාභාංශ ලෙස රුපියල් මිලියන 54.56ක්, රුපියල් මිලියන 222.35ක් සහ රුපියල් මිලියන 26ක් ගෙවා ඇති බවයි. එලෙසම එම හෙලිදරව්වට අනුව 2015 වසරේදී පාස්කරලිංගම්ගේ සමාගම රුපියල් මිලියන 481.62ක් සිය කොටස් කරුවන් වෙත ලාභාංශ ලෙස ගෙවා ඇත.
මේ වන විට වයස අවුරුදු 80ක් සපුරා ඇති ආර් පාස්කරලිංගම් යනු 1989 සිට 1994 දක්වා කාලය තුළ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාය. ඔහු ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ඉතාම හිතෛෂීවන්තයෙකු ලෙස කටයුතු කළ බව ප්‍රකට කරුණකි. ප්‍රේමදාස යුගයේ ඔහු ඉතාම බලවත් පුද්ගලයෙකු වූ අතර ඔහුට කැබිනට් අමාත්‍යයවරයෙකුට වඩා බලතල තිබූ බව ප්‍රකට කරුණකි.
1997 වර්ෂයේදී එවකට රජය පත් කළ කොමිසමක් මගින් ආර් පාස්කරලිංගම් මහතා ඇතුළු තවත් ජේෂ්ඨ දේශපාලඥයන් තිදෙනෙකු රජයේ මහා පරිමාණ කොන්ත්‍රාත් තමන්ගේ අභිමතය පරිදි තමන්ට හිතවත් සමාගම් වලට ලබාදී අතයට ගනුදෙනු කළ බවට ඔප්පු කරණු ලැබීය.
කෙසේ වුවද අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ පාස්කරලිංගම් මහතා එංගලන්තයේ පදිංචියට ගියේය. කොමිසමේ සොයා ගැනීම් මත පාස්කරලිංගම් ඇතුළු පිරිසට උපරිමාධිකරණයේ පැවරූ නඩුව තාක්ෂණික කරුණක් හේතුවෙන් ප්‍රතික්ෂේප විය.
ආර් පාස්කරලිංගම් මහතා නැවත වතාවක් රාජ්‍යයේ කටයුතුවලට එකතු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යය තනතුරු 2002-2004 දැරූ යුගයේය. එම කාල වකවානුවේදී ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයෙන් පසුව නැවත වතාවක් නිශ්ෂබ්ද වෘතයට සම වැදුනු ඔහු 2015-2018 කාලය තුළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යයවරයාගේ ආර්ථික කටයුතු උපදේශකයා ලෙස කටයුතු කළේය.ආර් පාස්කරලිංගම් මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටවූ ආර්ථික පරිපාලනය සඳහා වූ කැබිනට් කමිටුවේද(Cabinet Committee on Economic Management ) තනතුරු දැරුවේය.
මෙම කැබිනට් කමිටුව මගින් යහපාලන රජයේ සියළුම මහා පරිමාන ආර්ථික ව්‍යාපෘති කළමනාකරණය කරණු ලැබුවේය. කෙසේ වුවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 මාර්තු මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික පරිපාලනය සඳහා වූ කැබිනට් කමිටුව විසුරුවා දැමුවේය. නැවත වතාවක් කරලියෙන් ඉවත් වූ ඔහු සමාජයේ සාකච්ඡාවට බඳුන් වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් වීමත් සමඟය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය ක්ෂේත්‍රයට දැඩි බලපෑම් කළ හැකි මෙන්ම මහාපරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන අධ්‍යාපන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය සහ මහාමාර්ග අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල ලේකම් තනතුරු මෙන්ම අතිරේක ලේකම් තනතුරු දරා ඇති ඒ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...