පුරවැසි කොලම

අගලකඩ සිරිසුමන මහාචාර්ය හාමුදුරුවෝ උන්වහන්සේගේ මුහුණු පොතේ සටහනක් දාලා තියෙනවා “යුද සැමරුමට සඳහිරු සැයක් අපට අවශ්‍ය ද? මෙය විවෘත කිරිමේ උළෙලට ලද ආරාධනය ප්‍රතික්ෂේප කලෙමි” කියලා. චෛත්‍යය විවෘත කරන සම්ප්‍රදායක් නැ සාසනයට පූජ කරනවා මිසක්කා. මට මතක් වුනේ ප්‍රේමසිරි කේමදාස ජේ.ආර්ගෙන් සම්මානයක් ගැනීම ප්‍රතික්ෂේප කලා වගේ නැත්නම් අර අලුත් පරපුරේ සෙට් එක රාජ්‍ය නාට්‍ය උළෙලෙදි සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කලා වගේ වීර ක්‍රියාවක් ද කියලා. මම ඇතුළු බොහෝ දෙනෙකුටත් ආරාධනා ලැබුනා. අද දවල් කෑමට එන්න කියලත් තිබුනා. අපි බොහෝ දෙනෙක් ඒක ප්‍රතික්ෂේප කලා. අගලකඩ හාමුදුරුවන්ගේ ප්‍රතික්ෂේප කිරිම සඳහා දක්වපු හේතුව තමයි මාතෘකාව. පස්සේ හිතුනා ඒ ගැන වැඩිය හිතන්න ඕනේ නෑ කියලා හාමුදුරුවන්ගේ මුහුනු පොතේ උදාන වාක්‍ය දැක්කම.
“ශ්‍රි ලාංකේය සංස්කෘතික සමාජයක්” කියන කොටම හාමුදුරුවන්ගේ චින්තනය එළි දකිනවා. මේ රට සම්බුද්ධ සාසනය වෙනුවෙන් ඓතිහාසිකව කැප වුන රටක්. අපේ රාජ්‍යයේ පැවත්ම සාධාරණිකරණය වෙන්නේ “සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය” තහවුරු වෙන ප්‍රමාණයටයි. ජේඨ්ඨ ගාමිණි අභය අපි දන්න විදිහට දුටු ගැමුණු කුමාරයා යුද්ධයට ගියේ ඒ අරමුණින්. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මැඩලින් ඕල්බ්‍රයිට් තමයි ඉරාක යුද්ධය “මානුෂික මෙහෙවරක් ” කියලා මුලින්ම කිවුවේ. දැන් ඔය නිරාගමික භෞතිකවාදි මල්ලිලා රෙද්ද උස්සන් එන්න එපා මිනිස්සු මැරෙනවෝ කියලා. නිර්ධන පංතියේ විප්ලවයෙදිත් ධනපතින් කියලා මැරෙන්නේ මරන්නේ මිනිස්සුම තමා. අරමුණයි වැදගත් වෙන්නේ.අපේ හමුදාවත් මානුෂික මෙහෙවරක තමා යෙදුනේ. අවසාන අවස්තාවේදි ප්‍රභාකරන් මිනිස් පළිහක් විදිහට යොදා ගත්ත ලක්ෂ තුනක දෙමළ මිනිස්සුන්ට කාගේ සරණක් ද? රට හැම තැනම් බොම්බ පුපුරන කොට , ශ්‍රී මහා බෝධිය අසල උවැසියන් කෑලි කෑලි වලට කැපෙන කොට ඒ වගකීම මානුෂික මෙහෙවරක් තමයි. ඉතිහාසයේ එක් එක් යුද්ධ වලට අරමුණු තියෙනවා. අපි යුද්ධ ආරම්භ කරපු ජාතියක් නෙමේ. මේ රාජ්‍යය නව වතාවක් බුද්ධ සාසනයට පූජා කරලා තියෙන්නේ. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය. අගලකඩ හීමියන්ට මහාචාර්‍ය ධුරය කරගෙන ඉන්න නම් මේ කාරණය වැදගත් නැති වෙන්න පුළුවන්. ඒත් ඉන්දුනිසියාවේ මැලේසියාවේ වගේ ඉස්ලාම්කරණයට , ඊළාම්වාදයට එරෙහිව සටන් කරලා බුද්ධ සාසනයේ පැවත්ම වෙනුවෙන් ශිෂඨාචාරය රකින එක සිංහලයන්ට ලෙයින් ආපු වගකීමක්. ඒ වගකීම වෙනුවෙන් කැප වෙන්න විතරක් නෙමේ ජයග්‍රහණයෙන් අවසන් කරන්නත් නොහැකි නම් ජීවත් වෙන්නත් අයිතියක් අපිට නෑ කියලා ඇල්ලෙපොල නිලමේ තුමා උදාන වාක්‍ය කියලා සුද්දගේ උන්ඩයට මුහුණු දුන්නේ.
අපේ ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යය ගැන කියවෙන 4(2) ව්‍යවස්ථාවේ තියෙන්නේ “රටේ ආරක්ෂාව ඇතුලු ජනරජයේ ජනතාවගේ විධායක බලය” ජනාධිපතිට පැවරෙන බවයි. රටේ ආරක්ෂාව කියන්නේ ගැමුණු කුමාරයා පෙන්වපු විදිහට බුදු දහමේ චිරස්ථිතිය මිස වෙන කිසිවක් නොවේ. ඒ නිසා 09 වෙනි වගන්තියේ බුදු දහමට ප්‍රමුඛත්වය දීමයි එකට බැඳෙන්න ඕන. 09 වගන්තිය බලාත්මක කරන්න 4(2) වගන්තිය අනුව ජනාධිපතිවරයා පෞද්ගලිකවම වගකීමට යටත් වෙන්න ඕනේ. ඒක තමයි ඓතිහාසිකව “සිංහලේ සම්මුතිය” .
මහින්දලා එක්ක තියෙන ඇරියස් කොහොම කවර් කලත් ප්‍රශ්නයක් නෑ. ඒත් ශ්‍රී ලාංකේය මොඩල් අස්සේ බුද්ධාගමයි අපේ රාජ්‍යයට ඇති බැඳිම හංගන්න චීවරයට අයිතියක් නෑ.
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More