2022 අය වැය යෝජනාවේ අංක 45 යෝජනවේ දැක්වෙන සෑම දිස්ත්‍රික්කයකටම එක් පෞද්ගලික රෝහලක් සහ එක් ජාත්‍යන්තර පාසලක් ඉදිකිරීම යන යෝජනාව සම්බන්ධයෙන් , මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින්,
“ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුලු කියා ප්‍රස්ථා පිරුළක් තියෙනවා ඒ වගේම රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා ප්‍රස්ථා පිරුළකුත් තියෙනවා.ඒත් දවල් වැටෙන ගමන් රටේ මිනිස්සුත් වලට වට්ටන අමන පාලකයෝ බවට මේ වත්මන් ආණ්ඩුවේ පාලනය පත්වෙලා.2015 ජනාධිපති පුටුව අත්හැරලා මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්න සයිටම් අර්බුදය හේතුවක් වුණා.ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තෙත් නෑ විපක්ෂයේ ඉදලා පාඩමක් ඉගෙන ගෙනත් නෑ.ඉගෙන ගත්තු නැති බව පෙන්නන්න පැහැදිලි කරුණක් තමයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත .හැබැයි ඒකෙනුත් පාඩමක් ඉගෙන ගත්තෙ නෑ කියලා දැන් ප්‍රසිද්ධ කරපු අය වැය 2022 අංක 45 ප්‍රකාශය සඳහන් වෙලා තියෙනවා.මේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන නිදහස් සෞඛ්‍ය සේවාව වලපල්ලට දාන උන් පිටරට ගිහිල්ලා බෙහෙත් ගන්න මේ ක්‍රමය වහා නතර කළ යුතුයි. සෑම දිස්ත්‍රික්කයක ම නවීන පන්නයේ ජාත්‍යන්තර පාසලක් සහ පෞද්ගලික රෝහලක් ඉදිකිරීමට ආයෝජන බදු ඉඩම් සහන ලබාදීමට අයවැයෙන් යෝජනා කරලා.හැට නව ලක්ෂයේ ජනවරමට පයින් ගහන යෝජනා මේවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...