පසුගිය දිනක වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිඟයක් ඇති වී තිබෙන බවත් ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවත් එබැවින් මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවත් අවධාරණය කළේය. මේ පිලිබඳව විදේශගත ශ්‍රමිකයෙක්වන ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් “ලංකා ලීඩ් නිවුස්” හි විමර්ෂණ ඒකකය කරුණු විමසන ලදී. එතුමාගේ කෙටි පිළිතුර වූයේ රජයේ මැති ඇමතිවරුන්ගේ පමණක් නොව පක්ෂ විපක්ෂ සියළුම මංත්‍රී වරුන්ගේ රථගායද රටට ඩොලර් ලැබීම හිඟවීමට බොහෝ දුරට බලපා ඇති බවයි.
යසස් ධර්මදාස මහතා පළ කළ සම්පූර්න අදහස,
“පහුගිය කාලයේ විදේශ රැකියා අහිමිවීම විශාල ලෙස දකින්නට තිබුන. මෙය අපේ රටට පමණක් නොවෙයි, මැදපෙරදිග එනම්, විශේෂයෙන් එක්සත් අරාබි එමීරය වැනි රටවල් වල භේදයක් නොමැතිව රැකියා අඩුවීම සිදු වුනා. වැටුප් අඩුවීම් සිදුවුනා. මේ කාරණා දෙකෙන් රටට ලැබෙන්නට තිබුන ඩොලර් විශාල ප්‍රමාණයක් අඩුවීමට හේතුවුනා. මෙම තත්ත්වය ලක් රජයට පාලනය කළ නොහැකියි. මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම රජයේ පාලනයෙන් බැහැර ක්‍රියාවක්. නමුත් රජයට පාලනය කළ හැකි අංශ තිබෙනව. ඒ තමයි රටේ ආයෝජනය කිරීම පිළිබඳව විදේශගත ශ්‍රමිකයින් අතර විශ්වාසය ගොඩනැගීම සහ රටට ඩොලර් එවන විකල්ප ක්‍රම කෙරෙහි නැඹුරුවෙන් විදේශගත ශ්‍රමිකයින් මුදවා ගැනීම.
එසේ විශ්වාසය ගොඩනැගීමට නම් ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, ආයෝජනය කරන මුදල් බාධාවකින් තොරව හැසිරවීමට හැකිවීම, ආකර්ෂණීය ආදායමක් ඉපයීමට හැකි වන ආයෝජන ඇතිකිරීම පමණක් නොවෙයි යන්තම් ඩොලර් ටිකක් ලැබුනම හා දැන් මැති ඇමති වරුන්ට තීරු බදු රහිත වාහන ගෙන්වීමට කාලය හොඳයි ආදී වශයෙන් රථගායෙන්ද දේශපාලකයින් ඉවත්විය යුතුයි. පසුගිය දිනව්ල කළ “රථගාය ප්‍රකාශය”විදේශ ශ්‍රමිකයින් රටට මුදල් එවීමට බෙහෙවින් බලපෑමක් ඇති කළ. ඒ හේතුවම රටට මුදල් යැවීමේදී විකල්ප ක්‍රම කෙරෙහි වඩ වඩා යොමුවීමට විදේශගත ශ්‍රමිකයින් නැඹුරුවුනා. විශේෂයෙන්ම උන්ඩියල් ක්‍රමයේ විශාල වර්ධනයක් පහුගිය වකවානුවේ දක්නට ලැබුන. මෙය ඉතා සංවිධානාත්මකව සිදුවන්නක්. රට වැටෙනවනම් තමුන්ට ගොඩයා හැකියැයි සිතන පක්ෂ වලට ලැදි ශ්‍රමිකයින් විශාල වශයෙන් මේ පිටුපස සිටින බවත් පෙනෙන්නට තිබෙනව. සමහර විටෙක යහළුවෙකුගෙ හදිසි අවශ්‍යතාවයක් ලෙස මෙම උන්ඩියල් ක්‍රමයට යමෙක් හසුවුවත් ඉන් පසුව ඉන් අත්වන ක්ෂණික හුවමාරුව සහ වැඩි ලාභය හේතුවෙන් දිගින් දිගටම විදේශ ශ්‍රමිකයින් උන්ඩියල් ක්‍රමයෙන් මුදල් සම්ප්‍රේෂණය කිරීම සිදුකරනව. මෙය මැදපෙරදිගට පමණක් නොවෙයි යුරෝපීය රටවල ඉන්න ශ්‍රමිකයින්ටද පොදුයි. ඔවුන් විවිධ “වෙබ් ඇප්ලිකේෂන්” මගින් මේදේම ඉතා සාර්ථකව සිදුකරනු ලබනව.
එබැවින් බන්දුල මහතාගේ හුදු ආරාධනාවකට පමණක් මේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් වැඩිපුර ඩොලර් ඉල්ලීම ඉටුකර ගැනීමට හැකිවෙන්නේ නෑ. අඩුම තරමෙ ඔය රථගායෙන් පෙලෙන කීපදෙනෙකුට දඬුවමක් දෙන්න. ඒ සඳහා සියළු සුදුසුකම් ඔය රථගායකයින් දරනව. ජනාධිපතිතුමා පැහැදිලිව සඳහන් කරා වසර තුනක් යනතෙක් මැති ඇමතිවරුන්ට අළුත් වාහන ගෙන්වීමට අවසර නොදෙන බව. එසේ පවසා තිබියදී, වසර දෙකක් ගතවීමටත් පෙර, රටේ විශාල ඩොලර් හිඟයක් ඇති බව මනාලෙස දකින්නට තිබෙන විට රටටම බොරු කීම ඳඬුවම් ලැබිය යුතු වරදක්. එපමණක් නොවෙයි ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තුව දරුණු ලෙස කඩවීමක්. එබැවින්, රජය ආරම්භකළ යුත්තේ තමුන්ගෙ පාලනය යටතේ පැවතිය යුතු තත්ත්වය පළමුව පාළනය කිරීමයි. රථගායකයින් වහා තනතුරුවලින් ඉවත්කර විදේශ ශ්‍රමිකයින් හට ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වන්න,. රටට ලැබෙන ඩොලර් කාබාසීනිය නොකර ප්‍රවේශමෙන් පාවිච්චි කිරීමට රජය සූදානම් බව. මාසයක් දෙකක් ඇතුලත එවිට බන්දුල ගුණවර්ධන ඇමතිතුමාටම දකින්නට හැකිවේවි රටට ඩොලර් ලැබීම වර්ධනය වෙන බව. එසේ ඩොලර් ලැබීම වර්ධනය වනවිට නැවත වතාවක් රථගායකයින්ට හිස එසවීමට ඉඩ නොතැබීමට රජය වගබලා ගතයුතුයි. එසේ කිරීමටනම් අළුත් රථගායකයින් ඇති නොවන ලෙසට පරණ රථගායකයින්ට ඳඬුවම් ලබාදී තිබිය යුතුයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...